Home » පියා සුනඛයින්ට ඇද තිබූ විදුලි රැහැනේ පැටලී පුතා මරුට

පියා සුනඛයින්ට ඇද තිබූ විදුලි රැහැනේ පැටලී පුතා මරුට

by chanaka
February 7, 2025 9:58 am 0 comment

women-dead

නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසයි.

ඊයේ (06) දහවල් කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඉන් මියගොස් ඇත්තේ, නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

එක්තැන් වී සිටින මවට ආහාර ලබාදීම සඳහා මවගේ නිවසට ගිය අවස්ථාවේදී මෙසේ විදුලි සැර වැදී මෙම මරණය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT