Home » ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න : රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාව අද

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න : රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාව අද

by chanaka
February 7, 2025 9:51 am 0 comment

පිටකොටුවේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ(06) රාත්‍රියේ හටගත් ගින්න නිවා දමා තිබේ.

එහි 34 සහ 35 වැනි මහල්වල ගින්න හටගත් බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම මහල්වල තිබූ දැවමය පුවරුවල ගින්න හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 08 ක් යොදවූ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්න හටගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT