දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හඳුන්වා දී ඇත.
‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබා ගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබා ගත හැකි වූයේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සඳහා පමණි.
විවිධ මාධ්‍ය හරහා ප්‍රවේශ විය හැකි තනි ඩිජිටල් බැංකුකරණ වේදිකාවක් වන ComBank Digital හි දැනට ලියාපදිංචි වී සිටින හා නව පරිශීලකයින් සියලු දෙනා ඇතුළත් කර ගනිමින්, Max Rewards වැඩසටහන මගින් එක් ගනුදෙනුවක් සඳහා ලකුණු 300ක් දක්වා ප්‍රදානය කරයි. මෙසේ රැස්කර ගන්නා ලකුණු මිලදී ගැනීම් හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා මුදල් බවට පරිවර්තනය කර භාවිතා කළ හැකියි.
“ComBank Digital පරිශිලකයින් සඳහා වන Max Rewards වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉහළම අවශ්‍යතා හදවතෙහි තබා ගනිමිනි…” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා අදහස් දැක්වීය. “මෙම වැඩසටහන හඳුන්වා දීමෙන් අපි බලාපෙරොත්තු වන්නේ, දැනටමත් ComBank Digital භාවිත කරන මිලියන 1.5කට අධික කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් හට ඩිජිටල් බැංකුකරණයේ අත්දැකීම, ප්‍රතිලාභ ලබා දෙන සරල හා විනෝදජනක අත්දැකීමක් බවට පත් කිරීමත්, තවත් බොහෝ පිරිසකට එහි ලියාපදිංචි වීමට තවත් එක් බලවත් හේතුවක් ලබා දීමටත් ය.”
ComBank Digital කොමර්ෂල් බැංකුවේ සියලුම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ඒකාබද්ධ කරන තනි වේදිකාවකි. එය ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (iOS,Android සහ Huawei) හරහා සේවා පිරිනමන අතර ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් ෆෝන් වැනි සියලුම උපාංග හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.
ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම, දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේපයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.