ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත ඩිජිටල් බෑන්කින් යෙදුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එය භාෂා ත්‍රිත්වයෙන්ම පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන්ම පරිශීලකයින්ට බැංකු යෙදුම සඳහා ප්‍රවේශ වීමට ඇති අවස්ථාව වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවාව සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වා දීම සිදු කෙරිණි.
HNB ඩිජිටල් බෑන්කින් යෙදුම ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදුම ලෙස පෙරමුණ දිනා ගැනීමට සමත්ව ඇත්තේ මිලියනයකට අධික සක්‍රීය පරිශීලක පිරිසක් සමඟිනි. පරිශීලකයින්ට අලුතින් හඳුන්වා දෙනු ලැබූ මෙම ත්‍රෛභාෂා පහසුකම තුළින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පහසු භාෂාවක් තෝරා ගනිමින් බැංකු සේවාවන් පහසුවෙන් කර ගැනීමට ඉඩ සලසයි. එක් එක් පුද්ගලයාට සරිලන පරිදි සහ කලාපීය වශයෙන් වැඩි වන බැංකු සේවා ඉල්ලුම පෙන්නුම් කරමින් පරිශීලකයින්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් තම මව් භාෂාවෙන් බැංකු කටයුතු සිදු කරගනී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ, අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් හා ඒවාට සරිලන විසඳුම් ලබා දීම තුළින් ඔවුන් වෙත අඛණ්ඩව නව්‍ය සේවාවක් ලබා දීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ප්‍රදේශය හෝ භාෂාව පිළිබඳ නොසලකා සෑම පාරිභෝගිකයකුට ම තම අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඩිජිටල් බැංකුකරණ සේවාවන් අත්විඳීමට හැකි බව තහවුරු කිරීම සඳහා වන අපගේ කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වනවා…” යනුවෙනි.
මෙම හඳුන්වා දීම තුළින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් ඇති HNB හි ඩිජිටල් පරිවර්තන ගමන තව තවත් ශක්තිමත් වී ඇත්තේ නව්‍ය පහසුකම් රැසක් ද සමඟිනි. එහි ඇති Non-Face-To-Face (NF2F) විශේෂාංගය තුළින් සම්ප්‍රදායික හා ඩිජිටල් බැංකු සේවා අතර පරතරය අවම කර ඇති අතර බැංකු ශාඛාව තුළ ගනුදෙනු ද බාධාවකින් තොරව සිදුකර ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
එසේම බොහෝ විශේෂාංග සමඟ පහසුවෙන් භාවිත කළ හැකි ගෙවීම් විසඳුමක් වන SOLO ඩිජිටල් වොලට් එක තුළින් එකම ජංගම දුරකතන යෙදුමක් හරහා සියලු ගනුදෙනු සිදු කිරීමේ පහසුවද ගනුදෙනු කරුවන් වෙත ගෙන ඒමට HNB සමත් විය.
මෙම ත්‍රෛ භාෂා යෙදවුම හඳුන්වා දීම පරිශීලකයින් තුළ යෙදුම භාවිතය ඉහළ නැංවීම සඳහා වන HNB හි අඛණ්ඩ ප්‍රයත්නයට සුවිසල් ශක්තියක් වනු ඇත. මෙම ත්‍රෛභාෂා යෙදවුම මඟින් ඩිජිටල් බැංකුකරණය පහසු සහ වඩාත් ප්‍රවේශ විය හැකි කිරීම මගින් පරිශීලකයින්ගේ ලියාපදිංචි සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බැංකු යෙදුම දැනටමත් භාවිත කරනු ලබන පරිශීලකයින් හට එහි Home Page හෝ Settings භාවිත කරමින් පහසුවෙන් භාෂාව වෙනස් කර ගත හැකිය. මීට අමතරව ලියාපදිංචි වීමේදී නව පරිශීලකයින්ට තමන් කැමති භාෂාවක් තෝරා ගතහැකිය. එය ඔවුන්ට වඩාත් පහසු බැංකු අත්දැකීමක් එක් කරනු නිසැකය.
” පාරිභෝගිකයින්ට ඔවුන් කැමති භාෂාවෙන් මෙම යෙදවුම භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට හැකි වීම පිළිබඳ අපි සතුටු වනවා. උතුර, නැගෙනහිර, දකුණ සහ මධ්‍යම කලාපය ඇතුළුව ශ්‍රී ලංකාව පුරා HNB ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින් සිටින ප්‍රදේශය කුමක් වුවත් ඔවුන්ට බැංකු සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලබා දීමේ වැදගත්කම තේරුම් ගැනීමට එය අපට උපකාරී වුණා.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම යෙදවුම හඳුන්වා දීමෙන් වැඩි පිරිසකට අපගේ සේවාවන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට අප අවස්ථාව ලබා දී තිබෙනවා…” යනුවෙන් HNB ඩිජිටල් ව්‍යාපාර ප්‍රධානී චම්මික වීරසිංහ මහතා පැවසුවේය.