ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විවිධ සේවාවන් සඳහා ජනතාව විසින් සිදුකරන ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් හා පහසු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ලෙස GovPay හඳුන්වා දී ඇත. “රාජ්‍ය සේවා සඳහා ගෙවීම් එකම ස්ථානයකින්” යන තේමාව ඔස්සේ; පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට මාර්ගගතව (online) රාජ්‍ය සේවා සඳහා ගෙවීම් සිදු කිරීම අරමුණු කරගෙන මෙම මධ්‍යගත ඩිජිටල් පද්ධතිය දියත් කර ඇත.
Gov Pay දැනට අන්තර්ජාලය හරහා පුරවැසියන්ට විවිධ රාජ්‍ය සේවා සඳහා පහසුවෙන් ගෙවීම් කිරීමේ හැකියාව සහතික කරන අතර මෙම ගෙවීම් ඔබගේ බැංකු හරහා සිදු කිරීමට හැකියාව සලසා දී ඇත.
මෙලෙස රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය නවීකරණය වීමෙන් මුල්‍ය ගනුදෙනුවල නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරයි. එමඟින් වඩාත් කාර්යක්ෂම ලෙස මූල්‍ය කළමනාකරණයට පහසුකම් සපයයි.
ඩිජිටල් රාජ්‍ය මූලෝපායන්ට අනුගත වෙමින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ප්‍රතිචාර දැක්වීම වඩා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා දත්ත මත පදනම් වූ ක්‍රියාවලීන් සමඟ Gov Pay ඒකාබද්ධව ඇත. පුළුල් විශ්ලේෂණයන් හරහා දැනුවත් තීරණ ගනිමින් තම සේවා මට්ටම්වල ප්‍රමිතීන් ඉහළ නැංවීමට එමඟින් රාජ්‍ය ආයතන දිරිමත් කරවයි.
මූල්‍ය ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් සහ පරිපාලනමය පිරිවැය අඩු කිරීම මඟින් මහජනතාව සඳහා වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම සේවාවකට මඟ පාදමින් රජයේ සේවා සැපයීම ප්‍රශස්ත කිරීමට GovPay දායක වේ.
Gov Pay ව්‍යාපෘතියේ අරමුණු වනුයේ පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් සඳහා මාර්ගගත (online) ගෙවීම් සිදු කිරීම සඳහා මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් පිහිටුවීම, රාජ්‍ය ආයතනවල ආරක්ෂිත භාවය, විනිවිදභාවය සහ කාර්යක්ෂම ආකාරයෙන් ආදායම් ඩිජිටල් ලෙස එකතු කර ගැනීමට හැකිවීම, මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට සහාය වීමයි. එබැවින් රාජ්‍ය ආයතනවල සමස්ත කාර්යක්ෂමතාවය වැඩි වීමට හේතු පාදක වනු ඇත.
Gov Pay ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්වකරුවන්/ හවුල්කරුවන් ලෙස තාක්ෂණ අමාත්‍යාංශය, ICTA, LankaPay Private Limited, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ විවිධ රාජ්‍ය සංවිධාන ඇතුළත් වේ.
Gov Pay ව්‍යාපෘතියේ ප්‍රතිඵලය ලෙස රජයෙන් පුරවැසියාට සේවා සැපයීම වැඩිදියුණු කිරීම, මූල්‍ය ගනුදෙනුවල නිරවද්‍යතාවය, විනිවිදභාවය වැඩි කිරීම සහ විධිමත් ගෙවීම් ක්‍රියාවලීන් හරහා කාර්යක්ෂමතාව වැඩි කිරීම පෙන්වා දිය හැකිය.
Gov Pay මගින් සැලකිය යුතු ආර්ථික සහ සමාජීය බලපෑමක් ඇති කරනු ලැබේ. ආර්ථිකමය වශයෙන්, එය ඩිජිටල් සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර, රාජ්‍ය ආයතන සඳහා පිරිවැය ඉතිරිකිරීම් සහ පුරවැසියන් සඳහා කාලය සහ මූල්‍ය පිරිවැය අඩු කරයි. පාරිසරික වශයෙන් රජයේ කාර්යාල වෙත පැමිණීම හේතුවෙන් ඇතිවන පරිසර දුෂණය අවම කිරීම සහ ඩිජිටල්කරණය හරහා කඩදාසි භාවිතය අඩු කිරීමට හැකියාව ලැබී ඇත. සමාජීය වශයෙන් රාජ්‍ය සේවාවන් සඳහා ගෙවීම් පහසු වීමත්, විශේෂයෙන් ග්‍රාමීය සහ ආර්ථික වශයෙන් අපහසුතා සහිත ජනතාවට ප්‍රතිලාභ ලබා දීමෙන් GovPay අති විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරයි.
බාධාවකින් තොරව කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් සේවා සැපයීම වැඩි දියුණු කිරීම පමණක් නොව ආර්ථික සංවර්ධනය, පාරිසරික තිරසාරභාවය සඳහා ද දායක වේ.
Gov Pay පද්ධතිය ලංකා බැංකුව,මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, NDB බැංකුව, කොමර්ෂල් බැංකුව , නේෂන් ට්‍රස්ට් බැංකුව, DFCC බැංකුව යන ගෞරවනීය බැංකු හය සමඟ හවුල් වී ඇති අතර, පහසුවෙන් ගනුදෙනු කිරීමේ අත්දැකීම් ලබා ගැනීම සඳහා අඩිතාලම දමයි. මෙම බැංකු ආයතනවල ගිණුම් ඇති පුරවැසියන්ට පද්ධතිය හරහා ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසමින් ඉදිරියේදී අනෙකුත් බැංකු සමඟ ද සහයෝගීතාවයෙන් සක්‍රීයව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
දැනට ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘති අදියරේදී Gov Pay විසින් තෝරා ගත් ආයතන 14 කින් සේවාවන් සාර්ථකව ඒකාබද්ධ කර ඇත. සියල්ල සඳහාම GovPay පද්ධතිය හරහා ප්‍රවේශ විය හැකිය. ඉදිරියේදී GovPay සියලු පරිශීලකයින් සඳහා භාවිතයට පහසු බව සහතික කරමින් තවත් ආයතන ඇතුළත් කරමින් සිය ජාලය පුළුල් කිරීම අරමුණු කරයි.