මෙය ගනුදෙනුකරුවන් ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුව හා ආරක්ෂාව හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන් හි පුරෝගාමියකු වශයෙන් වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම දුරකථන බැංකුකරණ සේවාව පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ ආකාරයට DFCC ONE හඳුන්වා දීම, බැංකු සේවාවන් සහ ජීවන රටා අංග එක්තැන් කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් ලබා දෙන ‘සුපිරි යෙදුමක්’ නිර්මාණය කිරීම සඳහා බැංකුව ගත් සාර්ථක උත්සාහයක් ලෙසත්, එය DFCC බැංකුවේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින් විය හැකි වේ.
DFCC ONE යෙදුමට විශේෂාංග රාශියක් ඇතුළත් වී ඇත. ක්ෂණිකව තම ගිණුමට පිවිසීමට හැකි වීම, ඉතාමත් පහසුවෙන් ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමට හැකි වීම සහ CEFTS ජාලය හරහා ක්ෂණිකව තුන්වන පාර්ශ්වයන්ට අයත් ගිණුම්වලට ගෙවීම් සිදු කළ හැකි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙන් DFCC ක්‍රෙඩිට්කාඩ්පත් හෝ ගිණුම් භාවිතයෙන් බිල්පත් ගෙවීමට, ක්‍රෙඩිට් කාඩ් පත්වල හිඟ මුදල් පියවීමට සහ තමන් නිතර සිදු කරන ගනුදෙනු තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට හැකියාව ඇත. DFCC ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් බිල්පත් ගෙවීමේ හැකියාව යනු, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබා දීම සඳහාම සැලසුම් කර හඳුන්වා දෙන ලද නව අංගයකි. මීට පෙර පැවති DFCC Virtual Wallet මඟින් බිල්පත් ගෙවිය හැකි වූයේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් භාවිතයෙන් පමණි.
ගනුදෙනුකරුවන් ගේ ප්‍රතිචාර මෙන්ම, බැංකු ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ඉතාමත් නවීන සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් ඔස්සේ පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය සේවා ලබා ගැනීමට හැකි වන ආකාරයට DFCC ONE නිර්මාණය කර තිබේ. එය මීට පෙර පැවති DFCC Virtual Wallet සේවාවටත් වඩා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම, නව ගනුදෙනුකරුවන්ට තම DFCC ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම බැංකු ගිණුම් අංක භාවිතයෙන් ලියාපදිංචි විය හැකි නිසා ඔවුන් ඒ සඳහා බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවේ.
‘Peek Balance’ යනු, DFCC ONE විශේෂාංග අතර ප්‍රමුඛතම විශේෂාංගයකි. එමගින් පරිශීලකයන්ට ලොග් වීමෙන් තොරව ක්ෂණිකව තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ හැකි අතර, ගිණුම් ප්‍රකාශයන් ලබා ගැනීම සඳහා ඔවුන්ට විද්යුත් පාස් පොතක් ද හිමි වේ. එමෙන්ම, DFCC Pinnacle, DFCC Prestige, DFCC Salary Plus සහ DFCC Salary Partner ඇතුළුව ගනුදෙනුකරුවන් භාවිතා කරන සේවාවන් අනුව අවශ්‍ය පරිදි සැලසුම් කර ගත හැකි තොරතුරු පුවරුවක්ද මීට ඇතුළත් ය.
DFCC ONE නිර්මාණය කර ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමිනි. මේ සඳහා ඇඟිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීම (Fingerprint සහ Facial Recognition) යන ක්‍රමදෙකමභාවිතාවේ. සෑම ගනුදෙනුවක් සඳහා එක් වරක් පමණක් භාවිතකළ හැකි මුරපද (One-Time Passwords – OTPs) සහ පියවර දෙකේ සත්‍යාපනය (Two-factor authentication – 2FA) අවශ්‍ය වන පරිදි මෙය සැලසුම් කර ඇත. එමෙන්ම, මුදල් ගනුදෙනු සම්බන්ධ සීමාවන් යෙදුම තුළම නිර්මාණයකළ හැකි නිසා පරිශීලකයන්ට තම ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි පාලනයක් හිමි වේ.
“අපගේ ක්‍රමෝපායික දැක්ම වන්නේ 2025 වසර තුළ දී මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිත කරන බැංකුව බවට පත් වීමයි. DFCC ONE යනු, මෙම දැක්මය. යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක්. බැංකුකරණ හා ජීවන රටා අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ජනප්‍රියම යෙදුමක් හෝ බවට පත්වීමට එයට හැකියාව තිබෙනවා. ගනුදෙනුකරුවන් ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් DFCC Virtual Wallet සිට DFCC ONE වෙතපරිවර්තනය වීමේ ගමන දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරියේදී මෙහි සුවිශේෂී යාවත් කාලීන කිරීම් රැසක් සිදු කිරීමට නියමිතයි. ඩිජිටල් බැංකුකරණ අත්දැකීමට නව අරුතක් ලබාදෙන මෙම උත්සාහය සමග අත්වැල් බැඳගන්නා මෙන් මාසියලුම දෙනාටආරාධනා කරසිටිනවා.” DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සහිබ් මහතාපැවසීය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම DFCC ONE භාවිත කළ හැකි වීම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඉමහත් පහසුවක් වනු නිසැකය. එමෙන්ම ඇසට වැඩි පහසුවක් ගෙනෙන පරිදි Dark Mode යොදා මෙය භාවිත කළ හැකි වේ. මේ දක්වා DFCC Virtual Wallet භාවිත කළ ගනුදෙනුකරුවන්ට එයඉතාමත් පහසුවෙන් DFCC ONE බවට යාවත් කාලීන කිරීමේ පහසුව සලසා දී ඇත.
DFCC ONE මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන් නව යුගයක් වෙත රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු නිසැකය. මෙය හුදෙක් බැංකුකරණ මෙවලමක් පමණක් නොව, ගනුදෙනුකරුවන්ට තම දෛනික බැංකු සේවා අවශ්‍යතා ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඉටු කර ගැනීම සඳහා මහෝපකාරී වන සුවිශේෂී සේවාවක් ලෙස හැඳින්විය හැකි වේ. ඉදිරියටත් මේ ආකාරයට ඩිජිටල් බැංකුකරණයේ නව පරිච්ඡේද සනිටුහන් කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබා දීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.
DFCC බැංකුව පිළිබඳව:
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උර දෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගැයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මඟින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.