අජෙන්ටිනාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව එරට ජනාධිපති ජේවියර් මිලේ නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී දැක්වූ දුර්වලතා සිය තීරණයට හේතු වූ බව සඳහන් කර ඇති ආජෙන්ටිනාවේ ජනාධිපතිවරයා හුදෙකලා කිරීම් සහ නිරෝධායනය කිරීම් ඇතුළත් කොවිඩ් වසංගතය මානව ඉතිහාසයේ වඩාත්ම දරුණු අපරාධයක් ලෙස හඳුන්වා ඇතැයි ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු ඉතිහාසයේ විශාලතම සමාජ පාලන අත්හදා බැලීම සිදු කළ හානිකර සංවිධානයක් බව ආජෙන්ටිනාවේ ජනාධිපතිවරයා සමාජ මාධ්‍යජාලයේ සටහන් කර ඇතැයි ද වාර්තා වේ.
අමෙරිකාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බව මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළ අතර, ට්‍රම්ප් හිතවාදියකු වන අජෙන්ටිනාවේ ජනාධිපතිවරයා ද එම තීන්දුව ගැනීමෙන් ආජෙන්ටිනාවට අයහපත් බලපෑම් එල්ල වනු ඇතැයි එරට විපක්ෂය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එම තීන්දුව දැඩි විවේචනයට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.