Home » Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

by mahesh
February 7, 2025 1:00 am 0 comment

Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උලෙළේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උලෙළේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදි. එම සමාගම People’s Excellency 2024 සම්මාන උලෙළේදී වසරේ වඩාත් නව්‍ය සමාගම ලෙසද සම්මානයට පාත්‍ර විය.

Richwin Investment and Credit සමාගම පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයන අතර ව්‍යාපාර සහ පෞද්ගලික ණය, ඉඩම්, වාහන සහ චෙක්පත් ඇප මත සපයන ණය, රන් ණය සහ කණ්ඩායම් ණය ප්‍රධාන තැනක් ගනී. එම සමාගම පසුගිය කාලය පුරා පාරිභෝගිකයන් සහ ව්‍යාපාර බල ගැන්වීම ඉලක්ක කර ගත් නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. ආයෝජන සඳහා මාසික හෝ වාර්ෂික ආදායම, පිළිගත් ආයෝජන ගිවිසුම් සහතිකයක් සැපයීම, ආයෝජන මත ණය මුදලක් ගැනීමට ඇති හැකියාව වැනි වාසි රැසක් එම සමාගම සමඟ ආයෝජනය කරන පාරිභෝගිකයන්ට ලැබේ. ආයෝජකයන්ට ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ සැපයීමට ද එම සමාගම කටයුතු කරයි. එම සමාගම් ජාලයටම අයත් රිච්වින් ප්ලාසා පෞද්ගලික සමාගම ලොව පුරා පිළිගත් සන්නාම යටතේ ජංගම දුරකතන සහ විදුලි උපාංග අලෙවි ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සමාගමේ ශාඛා මීගමුව, කටාන සහ ජා ඇළ පිහිටා ඇත. ණය කාඩ් හෝ ඇපකරුවන්ගෙන් තොරව පහසු ගෙවීමේ ක්‍රමයට එම සමාගමෙන් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රිච්වින් ප්ලාසා සමාගම ණය කාඩ් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම සපයන මෙරට එකම සමාගමද වේ. ගුණාත්මක බව සහ පාරිභෝගික පහසුව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම අලෙවි‍ෙයන් පසු විශිෂ්ට සේවාවක් සපයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT