Home » ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා

ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා

by yasara
February 7, 2025 1:14 pm 0 comment

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි  සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක.  වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි.

අහිංසාගේ කනස්සල්ල සහ ඇයට මේ මොහොතේ දැනෙන වේදනාව මට හොඳින් තේරෙනවා, මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා,  අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපි අපේ උපරිමයෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා.

මේ පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොණු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා.  අවශ්‍ය නම් අලුතින් නඩු පවරන්නත් කටයුතු කරනවා විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT