Home » CID යැයි පවසා කාන්තාවන් බියගන්වා මුදල් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

CID යැයි පවසා කාන්තාවන් බියගන්වා මුදල් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

by chanaka
February 6, 2025 4:04 pm 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.

හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර පිලිමලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙක් වන අතර පුවත්පත්වල මංගල දැන්වීම් පළ කරන කාන්තාවන්ට දුරකතන ඇමතුම් ලබාදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හදුන්වා ඇති බව පොලිසිය සදහන් කළේය.

ඒ අනුව, සැකකරු අදාළ කාන්තාවන්ට පවසා ඇත්තේ, තමාට හමුවූ ජංගම දුරකතනයක එම කාන්තාවන්ගේ නිරුවන් ඡායාරූප ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකිරීමට නම් මුදල් අවශ්‍ය බවයි.

ඇතැම් අවස්ථාවලදී සැකකරු කාන්තාවන් බියගන්වා රුපියල් 45,000 සිට ලක්ෂ 02 දක්වා මුදල් ලබාගෙන තිබෙන අතර ඊට අදාළව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT