මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතිය සදහා වන අඩුම ලංසු තැබු දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
රජයේ ටෙන්ඩර් කාර්යය පටිපාටිය අනුව මෙම ප්‍රදානය සිදු කර තිබේ
ඒ අනුව , අඩුම මිල ඉදිරිපත් කල හේලීස් ෆෙන්ටන්ස් සමාගම විදුලි ඒකකයක් ලබා දෙන්නේ ඇමරිකානු ඩොලර් ශත 4.65 ක මිලකටය.
අනෙක් සමාගම් හේලීස් ෆෙන්ටන්ස් සමාගමට වඩා ඉහල මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.
Wind Force ඇමරිකානු ඩොලර් ශත 4.88 , Vidu Lanka ඇමරිකානු ඩොලර් ශත 4.98 , Lakdhanavi ඇමරිකානු ඩොලර් ශත 5.90 බැගින් ඒකකයක මිල ලෙස ලංසු තබා තිබිණ.
ඒ අනුව රටට, විදුලි පාරිභෝගිකයින්ට වඩාත්ම වාසිදායක ගනුදෙනුව වශයෙන් අඩුම ලංසුව වන ඩොලර් ශත 4.65ක හේලීස් ලංසුවට එම ව්‍යාපෘතිය ලබාදීමට තීරණය වී ඇත.