53
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරී එම්. පී. ඩී. ජයතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩාවිඳියි.
ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට රත්නපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් වීරසේකර මහතා විසින් නිර්දේශ කර තිබේ.
ඔහුගේ දිවි බේරා ගැනීමට B+ හෝ B- හෝ O+ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 070-7403352 හෝ 070-7321122 අංකවලට අමතන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති.