Home » ජොන්ස්ටන්ගේ BMW නඩුව සුජීවගේ V-8 නඩුව ජූලි 2 කැඳවයි

ජොන්ස්ටන්ගේ BMW නඩුව සුජීවගේ V-8 නඩුව ජූලි 2 කැඳවයි

by sachintha
February 6, 2025 3:08 am 0 comment

ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූලි මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (5) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙ‍ණෙවිය ඊයේ (5) මෙම නියෝගය සිදු කළාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ජනවාරි 3දා උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර ඇති සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රභාත් චානක, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ සැකකරුවෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT