Home » ස්විට්සර්ලන්තයේ මෙරට තානාපතිනිය හා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් අතර හමුවක්

ස්විට්සර්ලන්තයේ මෙරට තානාපතිනිය හා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් අතර හමුවක්

by sachintha
February 6, 2025 3:00 am 0 comment

මේ වන විට රට තුළ පවතින සාමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පිළිබඳ ස්විට්සර්ලන්තයේ මෙරට තානාපතිනි Siri Walta මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැවැත්විණි.

මෙම හමුව ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මඟින් අලුතින් හඳුන්වා දෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. විශේෂයෙන්ම ජාතික සංහිඳියාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාව සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් Justine Boillat මහත්මිය සහ දේශපාලන අංශයේ නිලධාරි කනිෂ්ක රත්නප්‍රිය මහතාද එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා නීතිඥ මධූ කල්පනා එක්ව සිටියාය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT