Tuesday, April 8, 2025
Home » මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලයෙන් සොරා ගත් රන් භාණ්ඩ සොයාදුන් පොලිස් නිලධාරීන්ට උපහාර

මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලයෙන් සොරා ගත් රන් භාණ්ඩ සොයාදුන් පොලිස් නිලධාරීන්ට උපහාර

by sachintha
February 6, 2025 1:02 am 0 comment

මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් පත්තිනි දේවාලයෙන් සොරා ගන්නා ලද රන් පවුම් 42ක රන් භාණ්ඩ කඩිනමින් සොයා දීමට කටයුතු කළ මාතලේ පොලිස් නිලධාරීන් වෙත උපහාර පිරිනැමීම පත්තිනි දේවාලයේදී සිදු කෙරිණි.

මාතලේ පත්තිනි දේවාලයේ පූජා භාණ්ඩ තැන්පත් කර තිබෙන ගබඩා කාමරය කඩා එහි තිබූ රන් පවුම් 42ක පූජා භාණ්ඩ සොරා ගත් පුද්ගලයා හා එම රන් භාණ්ඩ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ සොයා දීමට කටයුතු කළ මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතා වෙත හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු එම වැටලීම සිදුකළ නිලධාරීන් වෙත මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලේ දායක සභාව විසින් උපහාර තිළිණ ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට දේවාලයේ දායක සභාවේ සභාපති එම්. සර්වානන්ද මහතා හා දේවාලයේ ප්‍රධාන පූජක ක්‍රිෂ්ණ කුමාර් කුරුක්කල් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT