Home » X-Press Pearl නෞකා අනතුරේ අහිතකර ප්‍රතිඵල අනාගතයේදීත් – අධිකරණයේදී හෙළි වූ දේ මෙන්න

X-Press Pearl නෞකා අනතුරේ අහිතකර ප්‍රතිඵල අනාගතයේදීත් – අධිකරණයේදී හෙළි වූ දේ මෙන්න

by chanaka
February 6, 2025 9:31 am 0 comment

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී ගිනි ගැනීමට ලක්ව විනාශ වූ X-Press Pearl නෞකාවේ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදු වූ හානියේ අහිතකර ප්‍රතිඵල වර්තමානයේ පමණක් නොව අනාගතයේදීද ශ්‍රී ලාංකික ජනතාවට මුහුණ දීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතීඥ හිමාලි කුලරත්න මහත්මිය ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා තිබේ.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් සමුද්‍ර පරිසරයට සහ ධීවර ප්‍රජාවට සිදු වූ හානිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද යළි විභාගයට ගත් අවස්ථාවේ දීය.

පෙත්සම් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෞගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගෙන තිබුණි.

පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය පැවසූවේ, විෂ රසායනික ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් මුහුදු ජලයට එක්වීමෙන් මත්ස්‍ය සම්පතට මෙන්ම මුහුදු ජලයට හා පරිසරයට සිදු වූ හානිය වසර 30-40ක් පමණ ඉදිරි අනාගතයට ද බලපෑ හැකි බවට වගකිව යුතු රාජ්‍ය ආයතන පවා පවසා ඇති බැවින් වර්තමාන ධීවර වෘත්තීන්ට අදාළ ක්ශේත්‍ර පමණක් නොව අනාගත පරපුරටද ප්‍රමාණවක් වන්දියක් අයකර දියයුතු බවයි.

එමෙන්ම නෞකාව ගිනිගැනීම හේතුවෙන් බස්නාහිර වෙරළ තීරයට පමණක් නොව දකුණු වෙරළ තීරයටද විශාල හානියක් සිදුවූ බවද ඇය සඳහන් කළාය.

වන්දි ලබාදීමේදී මේ සම්බන්ධයෙන්ද රජය විසින් අවධානය යොමු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT