Monday, April 21, 2025
Home » වෙළෙඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර

වෙළෙඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර

by chanaka
February 6, 2025 7:30 am 0 comment

චීනය ඇමරිකාවේ PVH Corp. සමාගම සහ Illumina, Inc. සමාගම විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට එක් කරයි.

චීන වාණිජ අමාත්‍යංශය පසුගියදා (4) “විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවේ ක්‍රියාකාරී යාන්ත්‍රණය පිළිබඳ නිවේදනය” නිකුත් කළේය.

එම නිවේදනයට අනුව, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සහතික කිරීම සඳහා, “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය”, “චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක නීතිය”, “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය” සහ “විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුව පිළිබඳ රෙගුලාසි” ඇතුළු නියාමනයන්ට අනුකූලව, අදාළ ඇමරිකා‍නු සමාගම් දෙක මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

එම සමාගම් දෙක වෙළඳපොලෙහි ගනුදෙනු හා සම්බන්ධ මූලධර්ම උල්ලංඝනය කර ඇති බව එම නිවේදනය පෙන්නුම් කරයි. එම සමාගම් දෙක චීන සමාගම් කෙරෙහි වෙනස් කොට සලකමින් චීන සමාගම් සමඟ සාමාන්‍ය ගනුදෙනුවලට ද බාධා කර ඇත. එය චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කරන බව සඳහන් කෙරේ. විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවේ ක්‍රියාකාරී යාන්ත්‍රණය මගින් චීනය PVH Corp. සමාගම සහ Illumina, Inc. සමාගම කෙරෙහිව නිත්‍යානුකූලව පියවර ගනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT