අමෙරිකානු සහනාධාර ඒජන්සියේ සේවකයන්ට හෙට සිට අනිවාර්ය නිවාඩුලොව පුරා විසිරී සිටින සිය කාර්ය මණ්ඩලය හෙට (7) සිට අනිවාර්ය නිවාඩු යවන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සිය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරනු ලැබූ විධායක නියෝගයට අනුව සියලු විදේශාධාර අත්හිටුවීමට එරට රජය ගත් තීරණය හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිය කාර්ය මණ්ඩලයේ බරපතළ මූල්‍ය මෙහෙයුම් සහ විශේෂිත වැඩසටහන්වලට සම්බන්ධ සේවකයන් හැර සෙසු සියලු ගෝලීය සේවකයන් අනිවාර්ය නිවාඩු ගත යුතු වන අතර, ඒ සඳහා සියලු සේවකයන්ට අද දිනයේදී ලිපි නිකුත් කරනු ඇතැයි වාර්තා වේ. ලොව පුරා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සියේ සේවක සේවිකාවන් දසදහසකට වඩා සේවය කරන බව වාර්තා වේ.
අමෙරිකානු සහනාධාර ඒජන්සියේ සේවකයන්ට හෙට සිට අනිවාර්ය නිවාඩු
by sachintha
February 6, 2025 12:53 am
0 comment
63