ලියට ගනුදෙනු කිරීම, අහිංසකයන් තලා පෙළා තම බලය ව්‍යාප්ත කිරීම, වෙෙළඳ ව්‍යාපාරික භාණ්ඩ මිල අධික වන තුරු සඟවා ගෙන වෙෙළඳාම් කිරීම, පිරිමින් රන් ආභරණ පැළඳීම, වංචනික ලෙස ගනුදෙනු කිරීම, නපුරු දුෂ්ඨ අයුක්ති සහගත පාලකයා ඉදිරියේ යුක්තිය වෙනුවෙන් හඬ නොදි මුනිවත රැකීම, සමාජීය සාධාරණය සහ සමාජීය අසාධාරණ වෙනුවෙන් පෙනි සිටින පිරිස් දෙකක් අතරේ සමාජීය අසාධාරණය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රකාරව පෙනී සිටීම ආදිය හරාම් ය.
‘ඉස්ලාම් ධර්මය විශ්වාසය මත පදනම් වී ඇත. නැමදීමට සුදුස්සා අල්ලාහ් නම් දෙවියකු හැර වෙන කිසිවකු නැත. නබි මුහම්මද් තුමාණන් අල්ලාහ්ගෙ දූතයෙකි’ යනුවෙන් තිබෙන කලීමාව නම් පාඨය පිළිගෙන, ඒ අනුව ඔහුට පැවරුණු වගකීම ඉටු කරමින් ජීවත් වන්නා මුස්ලිම් හෙවත් අවනත වූ පුද්ගලයා වශයෙන් පිළිගැනීම ඉස්ලාම් හි මඟ පෙන්වීම ය.
ඒ අනුව ඉස්ලාමය වැළඳ ගත් කෙනකුට මේ ලොව තුළ, ඔහුට හිමිවන තත්ත්වය කලීෆා හෙවත් අල්ලාහ්ගේ නියෝජිතයා යන්න ය. මානව ලෝකයේ දෙවියන්ගේ නියෝජිතයකු ලෙස පෙනී සිටින මිනිසා හැම දෙයක්ම තෝරා බේරා ගෙන ජීවත් විය යුතු ය. ඒ අනුව ඔහුට මේ ලෝකයේ දෙවියන් විසින් අනුමත කළ දේවල් මෙන්ම ඔහුට අනුමත නොකළ දේවලුත් අඩංගු ය. දේව දූතයන්ගේ මග පෙන්වීම් අනුව ඔහුට අනුමත කළ දේවල් ‘හලාල්’ ලෙසත් අනුමත නොකළ ඔහු විසින් වැළැකි සිටිය යුතු දේවල් ‘හරාම්’ ලෙසත් ඉස්ලාමීය සංස්කෘතික පරිභාෂාවෙන් පෙන්වීමක් කරනු ලබයි.
එම කරුණු මත පිහිටා අධ්‍යයනය කරන්නේ නම් මුස්ලිම් සමාජය තුළ පරිහරණය වන හලාල්, හරාම් යන සංකල්පය ඔවුන්ගේම විශ්වාසයේ කොටසකි. හරාම්, හලාල් යන සංකල්පය මිනිසාගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම සමාජ ජීවිතයට ද බලපාන කරුණකි.
ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් පිළිම වන්දනය කිරීම සපුරා තහනම් (හරාම්) ය. එය හරාම් වලට වඩා ඉහළට ගිය ෂිර් ක් හෙවත් දෙවියන්ට සමානයන් ඇති කරන දෙවියන් ඉදිරියේ සමාවට ලක් නොවන ප්‍රතික්ෂේප කළ පාපි ක්‍රියාවකි.
එය එසේ වුවද ඉස්ලාමීය පාලනයක් පවතින මුස්ලිම් රාජ්‍යයක් තුළ අන්‍ය ආගමිකයන්ගේ පූජනීය ස්ථානයන් ආරක්‍ෂා කර දීම රජයේ මුඛ්‍ය වගකීම් වලින් එකකි. ඉස්ලාමීය රාජ්‍යයට ආසන්නයේ තිබෙන වෙනත් ආගමිකයන්ගේ බලයට යටත් වූ රාජ්‍යයක මුස්ලිම් ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමක් කළා වුවද, එයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මුසිලිම් රජයේ පරිපාලන ප්‍රදේශයට යටත් වූ අන්‍ය ආගමිකයන්ගේ ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම ඉස්ලාමීය රාජ්‍ය පාලනයට සපුරා තහනම් වූ හෙවත් හරාම් වූ එකකි. ඒ අනුව හරාම් – හලාල් සංකල්පය විශ්වාසය මත පදනම් වූ එකකි. එය හුදෙක්ම කෑම බීම වලට පමණක් සීමා වී නැත. ඒ අනුව
පොලියට ගනු දෙනු කිරීම, අහිංසකයන් තලා පෙළා තම බලය ව්‍යාප්ත කිරීම, වෙෙළඳ ව්‍යාපාරික භාණ්ඩ මිල අධික වන තුරු සඟවා ගෙන වෙෙළඳාම් කිරීම, පිරිමින් රන් ආභරණ පැළඳීම, වංචනික ලෙස ගනුදෙනු කිරීම, නපුරු දුෂ්ඨ අයුක්ති සහගත පාලකයා ඉදිරියේ යුක්තිය වෙනුවෙන් හඬ නොදි මුනිවත රැකීම, සමාජීය සාධාරණය සහ සමාජීය අසාධාරණ වෙනුවෙන් පෙනි සිටින පිරිස් දෙකක් අතරේ සමාජීය අසාධාරණය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රකාරව පෙනී සිටීම ආදිය හරාම් ය.
මෙවන් ආකාරයට හරාම් – හලාල් සංකල්පය තුළින් ඉස්ලාම් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින විට බහු සංස්කෘතික පදනමක් තිබෙන ලාංකීය සමාජය තුළ හරාම් හලාල් සංකල්පය සඳහා සහතික පත්‍රයක් නිකුත් කර හලාල් ලාංජනයක් හඳුන්වා දීම තුළින් සිදු වුයේ ජාතින් අතරේ විරසකභාවය වර්ධනය කිරීම ය.
අවසානයේදී සිදු වුයේ හලාල් සහතිකය තුළින් සමාජයක තිබුණු සම්ප්‍රදායික විශ්වාසය තර්ජනයට ලක් වී ව්‍යාපාරික සංකල්පයක් ඉස්මතුවීම ය. ඒ අනුව මේ කරුණු දිහා විශ්ලේෂණාත්මකව බලන විට පෙනී යන්නේ දැන් හලාල් සහතිකය ආගමික විශ්වාසයට වඩා ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ය.
ශ්‍රී ලංකාවේ මුලින්ම හලාල් සහතිකය (Halal Certification) හඳුන්වා දුන් වසර 1987යි. එය ශ්‍රී ලංකාවේ ආහාර හා Beverage ක්ෂේත්‍රයේ හලාල් පද්ධතිය පිළිබඳව පරීක්‍ෂණයක් සහ ක්‍රියාමාර්ගයක් සඳහා පදනම් විය. Halaal Food Authority of Sri Lanka (HFASL) මගින් මෙම සහතිකය සහතික කිරීම ආරම්භ කරන ලදී.
ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් ආහාර සම්බන්ධ කරගෙන හලාල් – හරාම් වෙන් කිරීම පහත කොන්දේසිවලට යටත්ව සිදුවේ. එනම් ඉස්ලාම් අනුභවය කිරීමට අනුමත කළ සතුන් වුවද, අවිධිමත් ක්‍රමයට මරා අනුභවය කිරීම, උෟරන් සහ සුනඛයන්ගේ මස් මාංශ ඇතුළු සියලු කොටස්, දඩයම් නියපොතු තිබෙන සතුන් ආහාරයට ගැනීම, දඩයම් දත් තිබෙන සතුන් අනුභව කිරීම, කෘමි සතුන් අනුභව කිරීම, මත්ස්‍ය ආහාර හැර සියලු මැරුණු සතුන්ගේ මාංශ අනුභවය කිරීම ආදිය හරාම් ය.
මෙම කොන්දේසි වලට යටත්ව ආහාර අනුභවය කිරීම හරාම් – හලාල් වලට අදාළ සංකල්පයක් වුවද, හලාල් සහතික ඉදිරිපත් කිරීමේදි කිසිදු කොන්දේසිවලට යටත් නොවන තේ කොළ, තුනපහ කුඩු සඳහාද හලාල් සහතික නිකුත් කරන මට්ටමට හලාල් සහතිකය සමාජය තුළ ව්‍යාප්ත වී ඇත.
එයට හේතුවක් වශයෙන් ඔවුන් කියා සිටියේ මෙවන් භාණ්ඩ කොන්දේසි විරහිතව හලාල් වුවද, සමහර අවස්ථාවන්වලදි වෙෙළඳපොළ කාරණා මුල් කරගෙන එයට හලාල් නොවන සංයුති මිශ්‍ර කර තිබෙන්නට හැකි බව ය. එවන් තත්වයන් සහිත භාණ්ඩ පැහැදිලිව වෙන් කරවා ගැනීම සඳහා මෙම සහතික නිකුත් කරන බව ය.
නමුත් යම් භාණ්ඩයක් සඳහා හලාල් සහතික නිකුත් කරන්නේ යම් කාල සීමාවකට ය. ඒ අනුව එම සහතිකය සඳහා කල් ඉකුත් වීමේ දිනයක් ඇත. භාණ්ඩ සඳහා නියම කර තිබෙන දිනය කල් ඉකුත් වූ පසු එම භාණ්ඩය නැවත සහතික කර ගන්නා තුරු එම භාණ්ඩය තාවකාලිකව හලාල් පදනමින් ඉවත් කිරීමක් සිදු වේ. ඒ අනුව කාලයක් හලාල් වූ භාණ්ඩයක් මෙම කරුණු සඳහා නැවත හරාම් විය හැකිය.
නමුත් ඉස්ලාමීය සංකල්පය අනුව හරාම් හලාල් – සංකල්පය භාණ්ඩ හා සේවා සම්බන්ධව ස්ථීරය.
1. හරාම් දෙයක් හරාම් වීමට නම් වෙන විකල්පයක් නැතිවා පමණක් නොව ජීවිත අවදානමක් තිබෙන කරුණක් විය යුතු ය.
2. එමෙන්ම හලාල් වූ දෙයක් හරාම් වීමට නම් එය උපයනු ලැබූ ක්‍රමවේදය ඉස්ලාමයට පටහැණි විය යුතු ය.
අනෙක් කරුණ නම් ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් පැහැදිලි වැරැද්දක් ලෙස හෝ පාපි කර්මයක් ලෙස පිළිගත් කරුණකද වැරැද්ද පමණක් වැරැදි ලෙස නොසළකයි. එනම් එකී වරදට පොළඹවන සියලු දේවල් වැරදි ය. එබැවින් හලාල් සහතික ලබා දීමට නිල බලයක් තිබෙන ආයතන මේ කරුණු ගැනද පැහැදිලි අවධානයක් යොමු කළ යුතු ය. යමක් හලාල් හෙවත් තහනමක් නැහැ කියා සනාථ කරන්නට පෙන්විය යුතු කරුණු වලට වඩා යමක් තහනම් ( හරාම් ) කියා ඔප්පු කිරීමට පෙන්විය විය යුතු කරුණු කාරණ ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් සංකීර්ණ ය. සහතිකය කල් ඉකුත්වූ නිසා හලාල් – හරාම් යැයි තීරණය කිරීමට ඉක්මන් වීම වැරදි ය. නමුත් එය එසේ සිදු වන්නේ නැත. මෙවන් කරුණු දෙස ස්වාධීන අධ්‍යයනය කරන කෙනෙකුට ලංකාවේ වගකිව යුතු ආයතනවලින් හලාල් සහතික නිකුත් කිරීම විශ්වාසයක් නොව ව්‍යාපාරයක් බවට පරිවර්තනය තිබෙන බව නිගමනය කළ හැකි ය.
ඒ. ඩබ්. අබ්දුල් අසීස්