හසලක, වේරගම, බුලත්වැල්කඳුර ග්‍රාමයේ පදිංචිව සිටි 61 හැවිරිදි ඉළුක් කුඹුරේ මුදියන්සේලාගේ සෝමාවති මැණිකේ යන අය ඉකුත් 02 වැනිදා සිට ආගිය අතක් නොමැති හෙයින් මැය සොයා ගැනීමට ලක්වැසි සැමගෙන් ඉල්ලීමක් කරන බව එම අයගේ සහෝදරියක වන කොළොංගොඩ වේවරේ පදිංචි අයි.කේ.ජී.එම්. පොඩිමැණිකේ මහත්මිය පවසයි.
අඩි පහක් පමණ උසැති සිහින් සිරුරකින් හෙබි තලෙළු පාට දෙදරු මවක් වන මැයගේ දියණිය හා පුතා විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින බව ඇය පවසයි. මැය පමණක් බුලත්වැල්කඳුර නිෙවසේ පදිංචිව සිට ඇත. මැය මන්ද මානසික තත්ත්වයෙන් පසු වූ බවත් මෙදින සිට මැය නිෙවසේ නොමැති වූ හෙයින් අසල්වාසින් හා පවුලේ ඥාතීන් මැය පිළිබඳව සොයා බැලුවත් තොරතුරක් නොමැති වූ හෙයින් මෙම අතුරුදන් වීම පිළිබඳව හසලක පොලීසියට ද පැමිණිලි කර ඇති බව පවසයි. මැය පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් හසලක පොලීසියට හෝ 076 0342052 යන දුරකතන අංකයට දන්වා සිටින ලෙසද පොඩිමැණිකේ මහත්මිය කාරුණික ඉල්ලීමක් කරන්නීය.
හසලක සමූහ
ඊ.එම්.එස්. ඒකනායක