Wednesday, April 23, 2025
Home » නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ

නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ

by sachintha
February 5, 2025 1:00 am 0 comment

නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා ආණ්ඩුකාර ජෙනරාල්වරිය වෙත අක්ත පත්‍ර පිළිගන්වා තිබේ. ඒ අනුව නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි රාජ්‍ය මන්දිරයේ පැවැති උත්සවයක දී එරට ආණ්ඩුකාර ජෙනරාල් ඩේම් සින්ඩි කිරෝ මහත්මිය වෙත අක්ත පත්‍ර පිළිගන්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ අවස්ථාව ඉතා වැදගත් බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා – නවසීලන්ත ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, රාජ්‍ය තාන්ත්‍රික, වෙළඳ, ක්‍රීඩා, අධ්‍යාපනය, සංචාරක සහ දෙරටේ රජයන් සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසෙන බවද කියාසිටියි.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ නවසීලන්ත ආණ්ඩුකාර ජෙනරාල්වරිය අතර පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ශ්‍රී ලංකා රජයේ උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙන අතර නවසීලන්තය සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රකාශ කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT