සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබුණි.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පුද්ගලික රූපවාහිනා නිලාකාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බ්නධයෙන් තමාට අපහාසයක් වූ බවට සුජීව සේනසිංහ මහතා ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගල්කිස්ස දිසා විනිසුරු ඩී එම් කොඩිතුවක්කු මහත්මිය මේ නියෝගය සිදු කළාය.
මහ බැංකු බැදුම්කර සිද්ධියේදී පුද්ගලික රුපවාහිනි මාධ්‍ය ජාලයක විකාශනය වූ වැඩසටහනකදී සී.බී. රත්නායක විසින් බැඳුම්කරය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ , හර්ෂ ද සිල්වා සහ අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ෆුට් නෝට් දැමූ බවට අපහාස සිදු වන අන්දමින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුජීව සේනසිංහ මහතා මේ නඩුව ගොනු කර තිබුණි.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෆර්හාන් කාසිම් මහතාද සීබී රත්නායක මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ කුෂාන් ද අල්විස් මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සුභාෂිණී සේනානායක