Wednesday, April 23, 2025
Home » ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි

ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි

by chanaka
February 5, 2025 4:16 pm 0 comment

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වල මන්දිරයේදී මුණ ගැසී තිබේ.

එහිදී ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ සිටි පලස්තීනුවන් වෙනත් තැනක පදිංචි කරවා එම භූමිය ඉදිරි සංවර්ධන කටයුතු සදහා යෙදා ගැනීමට අපේක්ෂා කරන බවයි. ගාසා තීරය නැවත ගොඩනඟන අතරතුර මිලියන දෙකකට අධික පලස්තීනුවන් ඉන් පිටත නැවත පදිංචි කළ යුතු බව ඔහු එහිදී යෝජනා කර තිබේ.

නෙතන්යාහු, අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සම්ප්‍රදායෙන් ඔබ්බට සිතන නායකයෙකු ලෙස ද මෙහිදී හදුන්වා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

එසේම ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ අවශ්‍ය නම් ගාසා තීරය අමෙරිකාවට පවරා ගත හැකි බවයි.

කෙසේ වෙතත් මැද පෙරදිග රටවල් මෙම යෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

අමෙරිකා ජනාධිපතිවරයාගේ දෙවන ධූර කාලය තුළ එරට සංචාරය කළ පළමු විදේශීය නායකයා වන්නේද බෙන්ජමින් නෙතන්යාහු ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT