Tuesday, April 8, 2025
Home » පාකිස්තානයේ ඉන්ධන මිල යළි ඉහළට

පාකිස්තානයේ ඉන්ධන මිල යළි ඉහළට

by sachintha
February 4, 2025 1:08 am 0 comment

නව වසරේ දෙවැනි වරටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇතැයි පාකිස්තානයේ ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. මීට පෙර පසුගිය ජනවාරි මස 15 වැනිදා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.47කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.61කින් ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගත් බවද වාර්තා වේ.

පාකිස්තානයේ නව මිල ගණන් යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 257.13ක් වන බවත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 267.95ක් වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තාන රජය ඉදිරි සති දෙකක කාලයකට වලංගු වන ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අඩුවැඩිවීම සැලකිල්ලට ගෙන පාරිභෝගික මිල සමාලෝචනය කිරීමෙන් පසු එරට තෙල් සහ ගෑස් නියාමන අධිකාරිය රජයට ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශයට අනුව බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT