Home » නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක්

නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක්

by chanaka
February 3, 2025 6:37 pm 0 comment

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට හෙට( 04)මධ්‍යහ්න 12ට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාව නිදහස ලද 1948 පෙබරවාරි මස 04 වැනි දින එවකට රාජකීය නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර ආචාරය පිරිනමා ඇත. එතැන් සිට ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව නාවික හමුදාව විසින් පවත්වාගෙන එනු ලැබ ඇත.

ඒ අනුව, හෙට 77ත් වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, වෙඩිමුර ආචාර පිරිනැමීම වෙනුවෙන්ම භාවිතා කරනු ලබන මිලි මීටර් 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදු කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT