Home » ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨයේ පොත් 100ක් කියවූ සිසුහු ඇගයෙති

ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨයේ පොත් 100ක් කියවූ සිසුහු ඇගයෙති

by sachintha
February 1, 2025 1:04 am 0 comment

පොත් සියයක් කියවූ ප්‍රාථමික අංශයේ දරුවන් අගයමින් ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයේ Òපොත් කියවමු ලොවම දිනමුÓ ඇගයීම් වැඩසටහන විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.

විදුහල්පතිනී ඉරේෂා රණවීර මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම් මත දෙවැනි ශ්‍රේණියේ අංශ ප්‍රධාන සමන්තා හපුතන්ත්‍රි මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධාන කර තිබිණ. විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ සියලු දරුවන් සඳහා 2024 වර්ෂයේදී මෙම පොත් කියවීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබූ අතර, එහිදී එම වර්ෂය තුළ පොත් 100කට වඩා කියවූ දරුවන් 108 දෙනකු තෝරා ඔවුන්ට රන් පදක්කම් සහ සහතික ලබා දීම මෙහිදී සිදු විය.

කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ලංකානි ප්‍රදීපිකා මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම උත්සවයට එක්ව සිටි අතර, කියවීමේ අගය පිළිබඳව විශේෂ දේශනයක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ගීත රචක ගයාන් පීරිස් මහතා විසින් සිදු කරනු ලැබිණ.

හොරණ සමූහ – මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT