Home » පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

by chanaka
February 1, 2025 6:48 am 0 comment

මෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2025 අංක 01 දරණ ආනයන අපනයන (පාලන) රෙගුලාසි හා ඒ යටතේ සිදුකරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදි මෙම තහනම ඉවත් කරන බවයි.

එසේම වාහන ආනයනයට අදාළව කොන්දේසි 09ක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පනවා තිබේ.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස්කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම කොන්දේසි පනවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම මෝටර් රථ ආනයනයේදී දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරයක් සමග රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු 30%ක ප්‍රමාණයක් අයකෙරෙන බවත් නිවේදනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT