Monday, April 21, 2025
Home » වැලි­පැන්නේ නිවෙ­සක කතක් අබි­ර­හස් ලෙස පිලිස්සී මිය­ගි­හින්

වැලි­පැන්නේ නිවෙ­සක කතක් අබි­ර­හස් ලෙස පිලිස්සී මිය­ගි­හින්

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

වැලි­පැන්න වදේ­වත්ත මාව­ත­ගොඩ ප්‍රදේ­ශයේ නිවෙ­ස­කදී වයෝ­වෘද්ධ කාන්තා­වක් ඊයේ (30) අලු­යම නිවෙස තුළදී අබි­ර­හස් ලෙස ගිනි ගැනී­මට ලක්ව මිය­ගොස් ඇතැයි වැලි­පැන්න පොලී­සිය පැව­සීය.

මෙසේ මිය­ගොස් ඇත්තේ මඩම මද්දු­මාගේ ස්වර්ණ­ලතා (68) නමැති අයයි. නිවෙසේ සාලයේ සිට යාබද කොට­සට ඇතුළු වන ස්ථානයේ බිම උඩු­බැලි අතට මෙම කාන්තා­වගේ මළ­සි­රුර වැටී තිබෙනු දක්නට ලැබුණු බව පව­සන පොලී­සිය, ගිනි ගැනීම සිදු වන අව­ස්ථාවේ කාන්තා­වගේ ස්වාමි­පු­රු­ෂයා පම­ණක් නිවෙසේ සිට ඇති බවද සඳ­හන් කළේය.

ගිනි ගැනී­මට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැත. වැලි­පැන්න පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT