39
වැලිපැන්න වදේවත්ත මාවතගොඩ ප්රදේශයේ නිවෙසකදී වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (30) අලුයම නිවෙස තුළදී අබිරහස් ලෙස ගිනි ගැනීමට ලක්ව මියගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ මඩම මද්දුමාගේ ස්වර්ණලතා (68) නමැති අයයි. නිවෙසේ සාලයේ සිට යාබද කොටසට ඇතුළු වන ස්ථානයේ බිම උඩුබැලි අතට මෙම කාන්තාවගේ මළසිරුර වැටී තිබෙනු දක්නට ලැබුණු බව පවසන පොලීසිය, ගිනි ගැනීම සිදු වන අවස්ථාවේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පමණක් නිවෙසේ සිට ඇති බවද සඳහන් කළේය.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වැලිපැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.