Home » නිදහස් උළෙල ගැන විශේෂ දැනුම් දීමක්

නිදහස් උළෙල ගැන විශේෂ දැනුම් දීමක්

by chanaka
January 31, 2025 4:35 pm 0 comment

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, ගියවර නිදහස් සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27 ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී හැකිවූ බවයි.

ගිය වර නිදහස් සමරු උළෙලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 107 කි.

එහෙත් මෙවර එය රුපියල් මිලියන 80 කට සීමා කිරිමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ 77 වැනි නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ජාතික පුනරුදයට පෙලගැසෙමු යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම සිදු කෙරෙන බව ඒ මහතා පැවසීය.

මෙවර නිදහස් සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැති බවත් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියට සහභාගි වන භට පිරිසද අඩු කර ඇති බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අදත් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT