Home » කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ බහාළුමක හදිසි ගින්නක්

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ බහාළුමක හදිසි ගින්නක්

by chanaka
January 31, 2025 8:17 am 0 comment

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ4) තිබූ බහාළුමක ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා බටහිර නාවික විධානයට අයත් ගිණිනිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට ඊයේ(30) රාත්‍රියේදී නාවික හමුදාව කටයුතු කළේය.

ඊයේ රාත්‍රී 07.45 ට පමණ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ IV) බහාලුමක් තුලින් දුමාරයක් පිටවන බවත්, එය පරීක්ෂාකිරීම සඳහා ගිණි නිවීමේ කණ්ඩායමකගේ සහය ලබාදෙන ලෙසත්, කොළඹ වරාය පාලක මැදිරිය වෙතින් බටහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් නාවික හමුදා හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear – CBRN) මැඩපැවැත්වීම සම්බන්ධ විශේෂිත පුහුණුව ලද කණ්ඩායමක් සහ ගිණි නිවිමේ රථ එම ස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

අදාළ නාවික හමුදා ගිනිවිමේ කණ්ඩායම, දුමාරය පිටවූ බහාලුම ආරක්ෂිතව විවෘත කර, එහි අසුරා තිබූ පිරිසිදුකාරක ද්‍රව්‍යන් කොටසක් ගිණි ගනිමින් පවතින බව නිරීක්ෂණය කර තිබේ. අනතුරුව, වරාය සේවකයන් සහ වරාය ගිණි නිවීමේ කන්ඩායමේද සහයෙන්, බහලුමේ අසුරා තිබූ පිරිසිදු කාරක ද්‍රවයන් කඩිනමින් ඉන් ඉවත්කර ගින්න පැතිරීම වැලක්වීමට කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT