Sunday, April 20, 2025
Home » රුසි­යා­වෙන් ලැබුණු පොහොර 50% පොල් වගා­වට යොද­නවා

රුසි­යා­වෙන් ලැබුණු පොහොර 50% පොල් වගා­වට යොද­නවා

වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශය

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

නුවන් කොඩි­කාර

රුසි­යානු රජ­යෙන් ශ්‍රී  ලංකා­වට ලබා දුන් එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 අත­රින් 50%ක්,  (මෙට්‍රික් ටොන් 27,500ක්) සකස් කළ මිශ්‍ර පොහොර ලෙස  පොල් වගාව සඳහා යොදා ගැනී­මට කට­යුතු යොදා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශය කට­යුතු යොදා තිබේ.

මෙම එම්.ඕ.පී. පොහොර ඍජු­වම පොල් වගාව සඳහා භාවිත නොකර,  එය යූරියා සහ එප්පා­වල රොක් පොස්පේට් පොහොර සමඟ ත්‍රිත්ව මිශ්‍ර­ණ­යක් ලෙස නිර්දේ­ශිත අනු­පා­ත­ය­කට අනුව සකස් කර පොල් වගාව සඳහා යොදා ගැනීම සුදුසු බව පොල් පර්යේ­ෂණ ආය­ත­නය නිර්දේශ කර ඇත. ඒ අනුව එම මිශ්‍රිත පොහොර කිලෝ 50ක් සඳහා රුපි­යල් 9,000ක පිරි­වැ­යක් දැරී­මට පොහොර සංස්ථා­වට සිදුවී තිබේ. නමුත් එම ආය­ත­නය විසින් එම පොහොර මිශ්‍ර­ණය පොල් වගාව සඳහා රුපි­යල් 3,700ක පිරි­වැ­ය­කට ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව මෙම කිලෝ 50ක පොහොර මිටිය පොල් වගා කිරීමේ මණ්ඩ­ලයේ මෙහෙ­යුම් පිරි­වැය ද එකතු කර රුපි­යල් 4,000ක් වැනි පිරි­වැ­ය­කට බෙදා­හැ­රීම සඳහා සූදා­නම් කර ඇත.

මෙම පොල් වගාව වෙනු­වෙන්ම සැකසූ කිලෝ 50ක පොහොර මිටි­යක් ලෙස පොල් වගා­ක­රු­වන් වෙත ලබා දීමට රුසි­යානු රජයේ අව­ස­රය ලබා ගැනීමේ අර­මු­ණින් එම බල­ධා­රින් වෙත  විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය හරහා වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාංශ ලේකම් විසින් ලිපි­ය­කින් අදාළ ඉල්ලීම් සිදු කර ඇත.

පොල් වගා­ක­රු­වන්ට මෙම පොහොර ලබා දීමට අවශ්‍ය කැබි­නට් පත්‍රි­කා­වක් සකස් කර ඇති අතර, රුසි­යානු රජය විසින් එම්.ඕ.පී පොහොර මිශ්‍රිත පොහො­රක් ලෙස පිරි­වැ­යෙන් 50% ක අඩු මුද­ල­කට වගා­ක­රු­වන්ට ලබා­දී­මට අව­සර ලබා­දී­මෙන් පසු පොල් වගා කිරීමේ මණ්ඩ­ලය,  පොල් පර්යේ­ෂණ ආය­ත­නය හා පොහොර සංස්ථාව විසින් මෙම පොහොර වගා­ක­රු­වන්ට ලබා­දීමේ කට­යුතු ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබේ. පොල් පර්යේ­ෂණ ආය­ත­නය හා පොල් වගා කිරීමේ මණ්ඩ­ලය අනු­මත කර­නුයේ මෙම එම්.ඕ.පී. පොහොර මිශ්‍රිත පොහොර පොල් වගා­ක­රු­වන්ට ලබා දීමයි. එම­ගින්  මෙම පොහොර පිරි­වැ­යට ලබා­දීම මඟින් රජය විසින් බලා­පො­රොත්තු වන අපේ­ක්ෂා­වන්  වඩා සාර්ථක ලෙස ඉටු කර ගැනී­මට හැකි­යාව පවතී. එනම්, එම මිශ්‍රිත පොහොර පොල් වගාව සඳහා පම­ණක් භාවිත කළ හැකි බැවිනි. එය වගා­ක­රු­වන්ට අව­සාන වශ­යෙන් ඉහළ ආර්ථික ප්‍රති­ලා­භ­යක් වගේම ජාතික ආර්ථි­ක­යට එය ධනා­ත්ම­කව බල­පානු ඇතැයි  වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT