Sunday, April 20, 2025
Home » බද්දේ­ගම රතු කැකුළු හිඟය අව­සන්

බද්දේ­ගම රතු කැකුළු හිඟය අව­සන්

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

බද්දේ­ගම මධ්යම විශේෂ - ජස්ටින් පති­රගේ

රතු කැකුළු සහල් හිඟය නිමා­වට පත් කර­මින් බද්දේ­ගම නග­රයේ ඇති වෙළ­ඳ­ස­ල්ව­ලට රතු කැකුළු සහල් ඊයේ (30) උදෑ­සන සිට ලැබී ඇතැයි එම ප්‍රදේ­ශයේ පාරි­භෝ­ගි­කයෝ පව­සති. පසු­ගිය දින කිහි­පය තුළ රතු කැකුළු සහ­ල්වල හිඟ­යක් යම්තාක් දුරට තිබු­ණද මේ වන විට එම හිඟය නිමා­වට පත්ක­ර­මින් සහල් තොග තම නග­රය ආශ්‍රිත වෙළෙ­ඳ­ස­ල්ව­ලට ලැබී ඇති බව ද ඔවුහු සඳ­හන් කරති. ඒ අනුව හිඟ­ය­කින් තොරව රතු කැකුළු සහල් තම ප්‍රදේ­ශයේ ජන­තා­වට ලබා­දිය හැකි බවත් රතු කැකුළු සහල් කිලෝ­වක් රුපි­යල් 220ක මිලට ලබා­දිය හැකි බවත් එම වෙළෙ­ඳ­සල් හිමියෝ පව­සති.

සහල් මිල දී ගැනී­මට පැමිණී බද්දේ­ගම ප්‍රදේ­ශයේ කේ.බී. සිරි­යා­වති (76)  මහ­ත්මිය සහල් ලැබීම සම්බ­න්ධ­යෙන් මෙසේ පැව­සු­වාය. ‘‘ඕනෑම රජ­යක් පත්වූ විට ජන­තා­වට  නොයෙ­කුත් ගැට­ලු­ව­ලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ඉව­ස­ගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. තව සති­යක් දෙකක් යන­කොට මේ සියලු ප්‍රශ්න නිම වෙනවා. දැන් මේ රතු කැකුළු  හාල් කිලෝ­වක් රුපි­යල් 220යි. හෙට අනිද්දා වෙද්දී මීටත් වඩා සහල් මිල අඩු වේවි. දැන් පෝලිම් නැහැ. ඒ වගේම අනි­වා­ර්යෙන් පොල් අඩු වෙනවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT