Home » බෙලි­ගම ගොවි­පොළේ මුර­කරු ළඟ තිබූ බෝර 12 ගිනි අවිය සොරා ගෙන ගිහින්

බෙලි­ගම ගොවි­පොළේ මුර­කරු ළඟ තිබූ බෝර 12 ගිනි අවිය සොරා ගෙන ගිහින්

ගලේ­වෙල පොලී­සිය විම­ර්ශන අර­ඹයි

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර විර­සිංහ

ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලයේ බෙලි­ගම ගොවි­පොළේ මුර­කරු සතුව තිබුණු බෝර 12 වර්ගයේ පත­රොම් තුව­ක්කු­වක් සොරා ගැනීම ගැන සම්බ­න්ධ­යෙන් ගලේ­වෙල පොලී­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ල­යට අයත් එම ගිනි අවිය පසු­ගිය 28 වැනිදා රාත්‍රි කාල­යේදී මුර­ගෙයි තබා ගොවි­පොළ තුළ පැවති උප­න්දින සාද­ය­කට මුර­කරු සහ­භා­ගිවී සිටින අත­ර­තුර මෙය සොරා­ගෙන ඇති බව පොලී­සිය කියයි.

දොර­ගුළු දමා වසා තිබී ඇති මුර­ගෙය පෙරේදා (29) විවෘත කරන අව­ස්ථා­වේදී ගිනි අවිය අස්ථා­න­ග­තව ඇති බව මුර­කරු දැක ඒ බව ගොවි­පොළ භාර නිල­ධා­රි­යාට දැනුම්දී පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

මුර­ගෙය සොරු බිඳ ඇති බවක් පෙනෙ­න්නට නොමැති බවත් සොරා ඇතුළු වී ඇත්තේ ඉබි­ය­තුරු දමා තිබුණු ඉදි­රි­පස දොරෙන් බව පොලී­සිය කියයි. ගිනි අවිය සොරා ගත්තේ කවු­රු­න්දැයි පැහැ­දිලි තොර­තු­රක් නොමැති බව ද පොලී­සිය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT