ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බෙලිගම ගොවිපොළේ මුරකරු සතුව තිබුණු බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක් සොරා ගැනීම ගැන සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් එම ගිනි අවිය පසුගිය 28 වැනිදා රාත්‍රි කාලයේදී මුරගෙයි තබා ගොවිපොළ තුළ පැවති උපන්දින සාදයකට මුරකරු සහභාගිවී සිටින අතරතුර මෙය සොරාගෙන ඇති බව පොලීසිය කියයි.
දොරගුළු දමා වසා තිබී ඇති මුරගෙය පෙරේදා (29) විවෘත කරන අවස්ථාවේදී ගිනි අවිය අස්ථානගතව ඇති බව මුරකරු දැක ඒ බව ගොවිපොළ භාර නිලධාරියාට දැනුම්දී පොලීසියට පැමිණිලි කර තිබේ.
මුරගෙය සොරු බිඳ ඇති බවක් පෙනෙන්නට නොමැති බවත් සොරා ඇතුළු වී ඇත්තේ ඉබියතුරු දමා තිබුණු ඉදිරිපස දොරෙන් බව පොලීසිය කියයි. ගිනි අවිය සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලි තොරතුරක් නොමැති බව ද පොලීසිය සඳහන් කළේය.