Wednesday, April 9, 2025
Home » මත්පැන් ජාවා­ර­ම්ක­රුවෝ රැසක් කොටු වෙති

මත්පැන් ජාවා­ර­ම්ක­රුවෝ රැසක් කොටු වෙති

දඩවලින් රජ­යට ලැබුණු ආදා­යම ලක්ෂ 70 පනී

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

නිමල් රාජ­පක්ෂ

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර සුරා­බදු නිල­ධා­රීන් පසු­ගිය වසරේ සිදු කළ සෝදිසි මෙහෙ­යු­ම්ව­ලදී මත්පැන් ජාවා­ර­ම්ක­රු­වන් රැසක් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­රණ වෙත ඉදි­රි­පත් කළේය.

බල­පත්‍ර කොන්දේසි කඩ­ක­ර­මින් මත්පැන් අලෙවි කර අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­ය­න්ගෙන් මෙසේ රුපි­යල් හැත්තෑ තුන් ලක්ෂ අසූ­දාස් හය­සිය එකො­ළ­හක දඩ ආදා­ය­මක් රජ­යට ලබා දීමට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර සුරා­බදු නිල­ධා­රීන් සමත් වී ඇත.

මෙම සෝදිසි මෙහෙ­යු­ම්ව­ලදී නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන 12ක්, කසිප්පු ළඟ තබා ගැනීම් 300ක්, රජයේ අරක්කු බල­පත්‍ර නොමැ­තිව අලෙවි කළ ස්ථාන 12ක්, විදේශ මත්පැන් අලෙවි කළ ස්ථාන 76ක්, හෙරො­යින් ළඟ තබා­ගත් 221ක්, ගංජා ළඟ තබා­ගත් 192ක්, අයිස් ළඟ තබා­ගත් 43ක්, තීරු බදු නොගෙවූ සිග­රැට් ළඟ තබා ගත් 95ක්, විකි­ණීම් 15ක්, ගංජා වගා­වක් ද කොටු­කර ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් 967දෙනකු වටලා අලු­ත්කඩේ, හෝමා­ගම, කැස්බෑව, ගංගො­ඩ­විල යන මහේ­ස්‍ත්‍රාත් අධි­ක­රණ වෙත ඉදි­රි­පත් කොට රුපි­යල් 59,77500 දඩ මුද­ලක් අය­ක­ර­ගෙන තිබේ.

හෝටල්, ආපණ ශාලා රට­බි­ම­හල් ඇතුළු බල­පත්‍ර ස්ථාන­වල සිදු කළ වැරදි සඳහා කාර්මික අප­රාධ වාර්තා 229ක් ඉදි­රි­පත් කොට අදාළ බල­ප­ත්‍ර­ලා­භීන්ගේ පෙර­වැ­රදි සලකා බලා සුරා­බදු කොම­සා­රිස් ජෙන­රා­ල්ව­රයා වෙත ඉදි­රි­පත් කොට රුපි­යල් දාහ­තර ලක්ෂ තුන්දාස් එක­සිය එකො­ළහ සමථ ගාස්තු­වක් අය­කර ගෙන තිබේ.

නියෝජ්‍ය සුරා­බදු කොම­සා­රිස් ජයන්ත සිල්වා මහ­තාගේ උප­දෙස් මත, සුරා­බදු අධි­කාරි පී.එන්. හේමන්ත මහ­තාගේ අධි­ක්ෂ­ණය යටතේ, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර සුරා­බදු ස්ථානා­ධි­පති ස්ථානා­ධි­පති නන්දන පෙරේරා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, පරී­ක්ෂ­ක­ව­රුන් වන එම්.එම්.එම්. මහ­වත්ත, විජේ­රත්න, අම­ර­තුංග, මහ සැර­යන් පෙරේරා, කෝප්‍ර­ල්වරු වන සම­ර­කොන්, හර්ෂ කුමාර, එල්.ආර්. පෙරේරා, පී.සී. මාන­වඩු, එම්.පී. අර­වින්ද, ලලිත් ප්‍රියං­කර, රාජ­පක්ෂ, සූරි­ආ­රච්චි, මල්ලව, කාන්තා සුරා­බදු නියා­මිකා ප්‍රනාන්දු, රියැ­දුරු රසාන්ත යන නිල­ධා­රීහු මෙම වැට­ලීම සිදු කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT