Home » පැමි­ණිල්ලේ සාක්ෂි ලැයි­ස්තුව සති­ය­කින් අධි­ක­ර­ණ­යට දන්ව­න්නැයි නියෝග
‍ෙජන­රාල් සරත් ෆොන්සේකා ඝාතන තැත:

පැමි­ණිල්ලේ සාක්ෂි ලැයි­ස්තුව සති­ය­කින් අධි­ක­ර­ණ­යට දන්ව­න්නැයි නියෝග

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

චන්දන ජය­වීර

යුද හමුදා මූල­ස්ථාන අස­ලදී හිටපු යුද හමු­දා­පති, ජන­රාල් සරත් ෆොන්සේකා මහතා මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රි­යක යොදවා ඝාත­නය කිරී­මට අනු­බ­ල­දීමේ නඩුවේ පැමි­ණිල්ලේ සාක්ෂි ලැයි­ස්තුව සති­යක් ඇතු­ළත මෝස­මක් මඟින් අධි­ක­ර­ණ­යට දන්වන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (29) නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කරන ලදි.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා හමුවේ නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ නඩුවේ ප්‍රධාන විත්ති­කරු වන සෙල්ව­රාසා කිරු­බා­ක­රන් හෙවත් මොරිස් ශම්මු­ග­ලිං­ගම් සූරි­ය­කු­මාර් යන අය බන්ධ­නා­ගා­රය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.  එහිදී මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රිය හඳුනා ගැනීම කළ රඹු­ක්කන පදිංචි ආර්.පී. ස්වර්ණ­ලතා යන අය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මාලි කරු­ණා­නා­යක මහ­ත්මි­යගේ මෙහෙ­ය­වීම යටතේ සාක්ෂි දෙන ලදි. අදාළ බෝම්බ­කා­රිය ප්‍රහා­රය සිදු­වී­මට සති දෙක­කට පමණ පෙර ප්‍රධාන විත්ති­ක­රුගේ නිවෙසේ පදිං­චිව සිටි බව ඇය කියා සිටි­යාය.

ප්‍රහා­රය සිදු වූ දිනට පසු­දින පුව­ත්ප­තක පළවූ ඡායා­රූ­පය අසල නිවෙසේ තාව­කා­ලි­කව පදිං­චිව සිටි කාන්තා­වගේ බවට හඳු­නා­ගත් පසු ඒ පිළි­බඳ ඔවු­න්ගෙන් විමසූ විට ‘ආ’ යනු­වෙන් සිහින් කෙඳි­රිලි හඬක් නිකුත් කර කිසි­වක් නොප­වසා සිටි බව කියා සිටි­යේය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පසුව ඡායා­රූ­ප­යක් පෙන්වා විම­සී­මක් කළ බවත් ඉන් පසුව මෘත ශරී­රා­ගා­රයේ දී කඳෙන් වෙන්වුණු බෝම්බ­කා­රිය විත්ති­ක­රුගේ නිවෙසේ පදිං­චිව සිටි තැනැ­ත්තිය ලෙස හඳු­නා­ගත් බව කියා සිටි­යේය.

විත්තිය ඇගේ සාක්ෂිය හරස් ප්‍රශ්න විම­සී­මට භාජ­නය නොක­ළාය. පාදයේ ශල්‍ය­ක­ර්ම­ය­කට ලක්ව සිටි­යදී දුර­බැ­හැර ප්‍රදේ­ශ­යක සිට සාක්ෂි විභා­ග­යට සහ­භා­ගී­වීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල සාක්ෂි­කා­රිය අධි­ක­රණ කට­යු­තු­ව­ලට සහා­ය­වීම සම්බ­න්ධ­යෙන් අගය කළාය.  2006 ජන­වාරි 25 වැනිදා යුද හමුදා මූල­ස්ථා­නයේ පිවි­සුම් දොර­ටුව අස­ලදී එව­කට යුද හමු­දා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සරත් ෆොන්සේකා මහතා ඝාත­නය කිරීමේ අර­මු­ණින් එල්ටී­ටීඊ බෝම්බ­කා­රි­යක වන දුර්ගා නමැ­ත්තිය සිදු­කළ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යට ආධාර අනු­බල දීම ඇතුළු චෝදනා 230ක් යටතේ හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන් යැයි කියන විත්ති­ක­රු­වන් තිදෙ­නෙ­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් නඩු පව­රන ලදි.  සෙල්ව­රාසා කිරු­බා­ක­රන් හෙවත් මොරිස් ශම්මු­ග­ලිං­ගම් සූරි­ය­කු­මාර් හා තම්බ­යියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් නමැති එම විත්ති­ක­රු­වන් ඊයේ දින අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබුණි.

එකී මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යෙන් සරත් ෆොන්සේකා මහතා බර­ප­තළ තුවාල ලබා තිබූ අතර ඔහුගේ ආර­ක්ෂා­වට යොදවා සිටි යුද හමුදා සැර­ය­න්ව­ර­යකු, කෝප්‍ර­ල්ව­රුන් තිදෙ­නෙකු ඇතුළු යුද හමුදා සෙබ­ළුන් කිහිප දෙනෙකු මිය­ගොස් තවත් භට පිරි­සක් තුවාල ලබා තිබුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මාලි කරු­ණා­නා­යක මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙ­ය­වූ­වාය. විත්තිය වෙනු­වෙන් නීතිඥ සුරංග බණ්ඩාර, දේවේන්ද්‍ර, ආනෝල්ඩ් ප්‍රිය­න්තන් යන මහ­ත්වරු සමඟ නීතිඥ මඬු­ල්ලක් පෙනී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT