Home » ඔස්ට්‍රේ­ලියා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තර­ගයේ ප්‍රධාන මාධ්‍ය මෙහෙ­යුම් කළ­ම­නා­ක­රුට පහ­ර­දුන් රියැ­දු­රුට ඇප

ඔස්ට්‍රේ­ලියා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තර­ගයේ ප්‍රධාන මාධ්‍ය මෙහෙ­යුම් කළ­ම­නා­ක­රුට පහ­ර­දුන් රියැ­දු­රුට ඇප

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ඔස්ට්‍රේ­ලි­යාව සහ ශ්‍රී ලංකාව අතර පැවැ­ත්වෙන ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙ­යුම් කළ­ම­නා­කරු වන බංග­ලා­දේශ ජාතික පන්වීර් අහ­මඩ් මහ­තාට කළ පහ­ර­දී­මක් සම්බ­න්ධ­යෙන් බස් රථ රියැ­දු­රෙක් හික්ක­ඩුව පොලී­සිය විසින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.  ගාල්ල, වඳු­රඹ පදිං­චි­ක­රු­වෙක් වන බස් රථ රියැ­දුරු වයස අවු­රුදු 34ක් වන අයෙකි.

ඉකුත් 28 වැනිදා හික්ක­ඩුව, නාරි­ගම පිහිටි හෝට­ල­යක් ආස­න්න­යේදී මේ සිදු­වීම වී තිබේ. මාධ්‍ය මෙහෙ­යුම් කළ­ම­නා­කරු ඇතුළු ක්‍රිකට් තර­ගයේ පහ­සු­කම් සප­යන කණ්ඩා­යම නවා­තැන් ගෙන සිට ඇත්තේ එම හෝට­ල­යේය. එම පිරිස ක්‍රීඩාං­ග­ණ­යට රැගෙන යෑමේ වග­කීම පැවරී තිබී ඇත්තේ මේ බස් රථ රියැ­දු­රුට බව පොලී­සිය කියයි. මෙදින ඔහු බස් රථය රැගෙන හෝට­ලය අස­ලට පැමිණි පසු බස් රථය පැමි­ණී­මට ප්‍රමාද වූ බව පව­ස­මින් රියැ­දු­රුට දොස් නඟා ඇති බවත්, එහිදී ඇති වූ බහි­න්බස් වීමක් දුර­දිග ගොස් පහ­ර­දී­මක් සිදුව ඇති බවත් පොලී­සි­යට ඒ ගැන පැමි­ණිලි කර­මින් සඳ­හන් කර තිබේ.

පොලී­සිය එහි ගොස් රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන පැමි­ණිල්ල විභාග කිරී­මේදී සැක­කාර රියැ­දුරා පවසා ඇත්තේ තමා පහ­ර­දී­මක් සිදු නොකළ බවත්, බහි­න්බස් වීම අත­ර­තුර තල්ලු කිරී­මක් පම­ණක් සිදු වූ බවත්ය.

දෙපා­ර්ශ්ව­යේම කරුණු දැක්වී­ම්ව­ලට අනුව පොලී­සි­යට පෙනී ගොස් ඇත්තේ සන්නි­වේ­ද­නයේ දුර්ව­ල­තා­වක් හේතු­වෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. ඒ බව පැහැ­දිලි කර දීමෙන් අන­තු­රුව දෙපා­ර්ශ්ව­යම සම­ථ­ය­කට පත්වී­මට එක­ඟවූ නිසා අත්අ­ඩං­ගු­වට ගත් රියැ­දුරු පොලිස් ඇප මත මුදා හැර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT