උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාගයේ 11 වැනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට පෙර පිටකිරීම සම්බන්ධයෙන් වැඩ බලන විදුහල්පතිවරයකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර, තම්මැන්නාකුලමේ පදිංචිකරුවෙකු වන ඇත්දත්පල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරයා වන එම්. එම්. කේ. රාජපක්ෂ (52) නමැති සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විභාගයට පෙර වට්ස්ඇප් මඟින් හුවමාරු වූ මේ ප්‍රශ්න පත්‍රය උපකාරක පන්තිවල ද විභාගයට පෙර සාකච්ඡා කර තිබීම හේතුවෙන් විභාගය අත්හිටුවීමට උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීහු පියවර ගනු ලැබූහ. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත. එම පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.