Home » ගාසා සටන් විරාම ගිවි­සු­මෙන් තවත් ප්‍රාණ ඇප­ක­රු­වෝ 8කට නිද­හස

ගාසා සටන් විරාම ගිවි­සු­මෙන් තවත් ප්‍රාණ ඇප­ක­රු­වෝ 8කට නිද­හස

තායි­ලන්ත ජාති­කයෝ 5ක් ඒ අතර

by Gayan Abeykoon
January 31, 2025 1:28 am 0 comment

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර සටන් විරාම ගිවි­සු­මට අනුව තුන්වැනි අදි­යර යටතේ තවත් ප්‍රාණ ඇප­ක­රු­වන් 8 දෙනකු ඊයේ නිද­හස ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රා­යල ජාති­ක­යන් තිදෙ­නකු සහ තායි­ලන්ත ජාති­ක­යන් පස්දෙ­නකු ඒ අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊට පිළි­තුරු ලෙස ඊශ්‍රා­යල රජය පල­ස්තීන යුද සිර­ක­රු­වන් 110 දෙනකු නිද­හස් කිරී­මට නිය­මි­තව තිබූ බව ද වාර්තා වේ.

නිද­හස ලැබූ ඊශ්‍රා­යල ජාති­ක­යන් අතර හමුදා සෙබ­ළි­යක් ඇතුළු කාන්තා­වන් දෙදෙ­නකු සහ 80 හැවි­රිදි පිරිමි පුද්ග­ල­යකු සිටින බවත්, තායි­ලන්ත ප්‍රාණ ඇප­ක­රු­වන් සිය­ලු­දෙනා පිරිමි පුද්ග­ල­යන් බවත් ජාත්‍ය­න්තර රතු කුරුස සංවි­ධා­නය නිවේ­ද­නය කර තිබේ. කෙසේ වුවද ගාසා තීරයේ ඛාන් යූනිස් නග­රයේ විශාල ජන­තා­වක් රැස්ව සිටීමෙන් ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මේදී අප­හ­සු­තා­වට පත්වූ බව රතු කුරුස සංවි­ධා­නයේ නියෝ­ජි­ත­යන් ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT