Home » 64 දෙනෙකු රැගත් ගුවන් යාන­යක් උඩු­ගු­ව­නේදී හමුදා හෙලි­කො­ප්ට­ර­යක ගැටෙයි
සියලුදෙනා මියගිය බව බලධාරීහු කියති

64 දෙනෙකු රැගත් ගුවන් යාන­යක් උඩු­ගු­ව­නේදී හමුදා හෙලි­කො­ප්ට­ර­යක ගැටෙයි

යානා දෙකම වොෂින්ටන් නුවර ගඟකට කඩා වැටිලා

by Gayan Abeykoon
January 31, 2025 1:30 am 0 comment

මගීන් 60 දෙනෙක් සහ කාර්ය මණ්ඩ­ලයේ සිවු­දෙ­නෙක් රැගත් අමෙ­රි­කානු ගුවන් සේව­යට අයත් දේශීය ගුවන් යාන­යක් සහ යුද හමුදා හෙලි­කො­ප්ට­ර­යක් පෙරේදා රාත්‍රී වොෂි­න්ටන් නුවර උඩුගුව­නේදී එකට ගැටී­මෙන් යානා දෙකම ගිනි ගෙන පොටෝ­මැක් ගංගා­වට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොලිස් කිමි­දු­ම්ක­රු­වන් ඇතුළු 300කට අධික කණ්ඩා­ය­මක් එක්වී ගංගා­වට කඩා වැටුණු යානා දෙකෙ­හිම පුද්ග­ල­යන් සෙවීමේ මෙහෙ­යු­මක් ආරම්භ කර ඇති අතර, ඊයේ පස්ව­රුව වන­විට මළ සිරුරු 30ක් ගොඩ­ගත් බව මෙහෙ­යුම් නිල­ධා­රීන් තහ­වුරු කර ඇතැ­යිද වාර්තා වේ. කෙසේ වුවද ගුවන්යානයේ සිටි 64 දෙනා සහ හෙලිකොප්ටරයේ සිටි තිදෙනා ඇතුළුව 67 දෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු කියති.

මේ දින­වල පව­තින දැඩි සීත කාල­ගු­ණය හමුවේ මළ­ සි­රුරු සෙවීමේ මෙහෙ­යුම් අඩාළ වී ඇති අතර, ජීව­තුන් අතර සිටින පුද්ග­ල­යන් බේරා ගැනී­මට කිමි­දු­ම්ක­රු­වන් දැඩි උත්සා­හ­යක නිර­තව සිටින බවද වාර්තා වේ.

කැන්සාස් ප්‍රාන්තයේ විචිටා නුවර සිට වොෂි­න්ටන් නුවර රොනල්ඩ් රේගන් දේශීය ගුව­න්තො­ටු­පොළ දක්වා පියා­සර කර­මින් තිබූ එම ගුවන් යානය අන­තු­රට ලක්වී ඇත්තේ ගොඩ බැසී­මට මොහො­ත­කට පෙර බව ද වාර්තා වේ. ගුවන් යානයේ ගැටුණු අමෙ­රි­කානු යුද හමු­දා­වට අයත් බ්ලැක් හෝක් වර්ගයේ හෙලි­කො­ප්ට­රයේ හමුදා සෙබ­ළුන් තිදෙ­නකු සිටි බව එරට මාධ්‍ය සඳ­හන් කරයි. වසර 15කට පසු අමෙ­රි­කාවේ සිදුවූ එම ගුවන් අන­තු­රට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති අතර, අය­හ­පත් කාල­ගු­ණය පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර තිබේ. අන­තු­රත් සමඟ තාව­කා­ලි­කව වසා දැමූ රොනල්ඩ් රේගන් දේශීය ගුවන්තොටු­පොළේ මෙහෙ­යුම් පැය කිහි­ප­ය­කට පසු යළි ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.


අන­තු­රට පත් වූ ගුවන් යානයේ මගීන් අතර රුසි­යානු හිම ක්‍රීඩා ශූරියෝ දෙදෙ­නෙක්

අමෙ­රි­කානු ක්‍රීඩකයොත් ඒ අතර

වොෂි­න්ටන් නුව­රදී අන­තු­රට ලක්වූ ගුවන් යානයේ මගීන් අතර රුසි­යාවේ හිටපු හිම ක්‍රීඩා ලෝක ශූරි­යන් දෙදෙ­නකු සහ අමෙ­රි­කාවේ හිම ක්‍රීඩා ශූර­යන් කිහි­ප­දෙ­නකු සහ පුහු­ණු­ක­රු­වන් පිරි­සක් ද සිටි බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඔවුන් කැන්සාස් ප්‍රාන්තයේ පැවැති පුහුණු කඳ­වු­ර­කට සහ­භාගි වී ආපසු වොෂි­න්ට­නය බලා පැමි­ණෙ­මින් සිටි බව අමෙ­රි­කාවේ හිම ක්‍රීඩා සංග­මය තහ­වුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

එම ගුවන් අන­තු­රින් මියගිය ගණන මෙතෙක් තහ­වුරු වී නැති බැවින් හිම ක්‍රීඩා පුහු­ණු­වට ගිය ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ තත්ත්වය පිළි­බඳ පූර්ව නිග­ම­න­ය­කට පැමි­ණී­මට නොහැකි බව අමෙ­රි­කානු හිම ක්‍රීඩා සංග­මය ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT