Home » ජනපති මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ජනපති මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

by yasara
January 31, 2025 3:27 pm 0 comment

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද (31) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT