Home » පොල් ගසට යටවූ සිවු­දරු පියා මරුට

පොල් ගසට යටවූ සිවු­දරු පියා මරුට

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

රාජාං­ග­ණය සමූහ - නුවන් කුමාර

පොල් ගස­කට යට­වී­මෙන් පුද්ග­ල­යකු පෙරේදා (28) ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි ප්‍රියං­ක­ර­ගම පොලි­සිය පව­සයි. මෙසේ මිය­ගොස් ඇත්තේ ගල්වල අසල යාය 6, කටි­යාව ප්‍රදේ­ශයේ පදිංචි අබ්දුල් කාදර් මොහා­මඩ් සයුම් (64) නමැති සිවු­දරු පියෙකි. ප්‍රදේ­ශයේ නිවාස දෙක­කට හා විදුලි රැහැන් පද්ධ­ති­ය­කට බාධා වන අයු­රින් පොල් ගසක් පිහිටා තිබී ඇති අතර අදාළ නිවෙස් දෙකේ පදිං­චි­ක­රු­වන් එම පොල් ගස කපා ඉවත් කිරීම සඳහා මිය ගිය පුද්ග­ලයා ඇතුළු සිවු­දෙ­න­කුගේ සහය ලබා­ගෙන තිබිණි.

එක් අයකු පොල් ගස කපන විට මිය ගිය සිවු­දරු පියා හා තවත් දෙදෙ­නකු නිවාස දෙකක හා විදුලි රැහැන් පද්ධ­තිය ආරක්ෂා වන අයු­රින් ලණු­ව­කින් පොල් ගස ඇද ඇති අතර පොල් ගස පහත් වන අව­ස්ථාවේ අනික් දෙදෙනා දෙප­සට දිව යන­විට මිය ගිය අයගේ පාද­යක් ලණුවේ පැටලී ඔහු බිම පතිත වී පොල් ගසට යටවී ඇති බව පොලි­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT