හපුතලේ, දබේතැන්න ග්‍රාම නිලධාරී වසමට පෙරේදා (28) රාත්‍රියේ පැමිණි වන අලින් තම වගාවන්ට දැඩි ලෙස හානි සිදු කර ඇති බව ප්රදේශවාසීහු පවසති. රාත්‍රී 10.00ට පමණ පැමිණි වන අලි දෙදෙනකු, එම වසමේ පිහිටි තේ කර්මාන්තශාලාව ප්රදේශයේ ගොවීන් හෙක්ටයාර් 0.5ක පමණ වගා කර තිබූ ලික්ස්, සලාද ඇතුළු එළවළු සහ කෙසෙල් ඇතුළු වගාවන්ට මෙලෙස හානිකර ඇති බව ග්‍රාම නිලධාරී වීරයියා ආනන්රාජ් මහතා පවසයි.
පුනාගල රක්ෂිතයේ සිට මෙලෙස මෙම වන අලින් තම ගම්මානවලට පැමිණ වගාවන්ට හා දේපොළවලට හානි සිදු කරන බව පවසන ප්රදේශවාසීහු මෙම වන අලි එම රක්ෂිතයෙන් වෙනත් ප්රදේශයකට පලවා හැරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.