Sunday, April 20, 2025
Home » ලිඛිත මහ­ජන පැමි­ණි­ලි­ව­ලට RMV වෙතින් WhatsApp අංක­යක්

ලිඛිත මහ­ජන පැමි­ණි­ලි­ව­ලට RMV වෙතින් WhatsApp අංක­යක්

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මහ­ජන ලිඛිත පැමි­ණිලි සඳහා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව විසින් WhatsApp අංක­යක් හඳුන්වා දී තිබේ. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව ජන­තාව වෙත සප­යන සේවා තව­දු­ර­ටත් කාර්ය­ක්ෂම කිරී­මට ව්‍යාපෘති රැසක් නව රජය යටතේ මේ වන විටත් ක්‍රියා­ත්මක කර­මින් ඇත.

ඒ අත­රින් සේවා­ලා­භීන්ගේ ලිඛිත පැමි­ණිලි පම­ණක් කඩි­න­මින් ලබා ගැනී­මට නව WhatsApp අංකය හඳුන්වා දී තිබේ.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් වෙත හෝ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ඉදි­රි­පත් කිරී­මට ඇති අභි­යා­චනා හෝ පැමි­ණිලි ලිඛි­තව  0714033300 WhatsApp අංක­යට යොමු කිරී­මට මෙයින් සේවා­ලා­භීන්ට හැකි වෙයි.

0714033300 WhatsApp අංකය වෙත මහ­ජ­න­තාව විසින් ලිඛි­තව යොමු කරන පැමි­ණි­ලි­ව­ලට කඩි­න­මින් අවශ්‍ය පිය­වර ගැනී­මට විධි­වි­ධාන රැසක් මේ වන විටත් සලසා ඇති බව ද මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස්  ජන­රාල් නිශාන්ත අනු­රුද්ධ වීර­සිංහ මහතා පැව­සීය.

නව TELL DMT  facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව හා සම්බන්ධ වීමට සේවා­ලා­භීන්ට තවත් අව­ස්ථා­වක් සලසා ඇති බව ද ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT