Home » ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය ඩිජි­ට­ල්ක­ර­ණය වෙයි

ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය ඩිජි­ට­ල්ක­ර­ණය වෙයි

මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල්

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය ඩිජි­ටල් කිරීමේ දීප­ව්‍යාප්ත වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර ඇති බව මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා පව­සයි.එම නාම ලේඛන මුද්‍රි­තව ලබා ගැනීම වෙනු­වට ග්‍රාම නිල­ධාරී වසම් 14000ක් ආව­ර­ණය වන පරිදි මේ ඩිජි­ටල් ලේඛ­නය සකස් කර­මින් පව­තින බව ද ඒ මහතා තව­දු­ර­ටත් පැවැ­සීය.

මැති­ව­රණ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා මේ අද­හස් පළ කළේ මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (29) පැවැති වැඩ­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

ඩිජි­ටල් ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය සකස් කිරීම සම්බ­න්ධ­යෙන් ග්‍රාම නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීම සහ ඊට දායක වූ ග්‍රාම නිල­ධා­රීන් 42ක් සඳහා ප්‍රශංසා සහ­තික ලබා­දීම නිමි­ත්තෙන් මේ වැඩ­ස­ට­හන පැවැ­ත්විණි. කඩ­දාසි පත්‍රිකා මත දත්ත සට­හන් කිරීම වෙනු­වට මාර්ග­ගත තාක්ෂ­ණය යොදා ගනි­මින් ඩිජි­ටල් නාම­ලේ­ඛ­නය සකස් කරන බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ඉදිරි මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වෙන්නේ 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර­ගෙන වන නමුත් මේ වර්ෂයේ ජන­වාරි 01 වැනිදා වන විට අවු­රුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස ද නව ලේඛ­න­යට ඇතු­ළත් වන බව ද ඒ මහතා පැවැ­සීය.

ඉකුත් මහ­මැ­ති­ව­ර­ණ­යේදී වත්කම් බැර­කම් ප්‍රකාශ සහ ආදා­යම් විය­දම් ලබා නොදුන් අපේ­ක්ෂ­ක­යන්ට නඩු පැව­රී­මට කට­යුතු කර ඇතැයි ද මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා සඳ­හන් කළේය.මහ­නු­වර දිස්ත්‍රික් සහ­කාර මැති­ව­රණ කොම­සා­රිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා ද මේ අව­ස්ථා­වට එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT