ඡන්ද හිමි නාමලේඛනය ඩිජිටල් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.එම නාම ලේඛන මුද්‍රිතව ලබා ගැනීම වෙනුවට ග්‍රාම නිලධාරී වසම් 14000ක් ආවරණය වන පරිදි මේ ඩිජිටල් ලේඛනය සකස් කරමින් පවතින බව ද ඒ මහතා තවදුරටත් පැවැසීය.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවැති වැඩටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ඩිජිටල් ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කිරීම සහ ඊට දායක වූ ග්‍රාම නිලධාරීන් 42ක් සඳහා ප්‍රශංසා සහතික ලබාදීම නිමිත්තෙන් මේ වැඩසටහන පැවැත්විණි. කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් නාමලේඛනය සකස් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
ඉදිරි මැතිවරණයක් පැවැත්වෙන්නේ 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන වන නමුත් මේ වර්ෂයේ ජනවාරි 01 වැනිදා වන විට අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස ද නව ලේඛනයට ඇතුළත් වන බව ද ඒ මහතා පැවැසීය.
ඉකුත් මහමැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ සහ ආදායම් වියදම් ලබා නොදුන් අපේක්ෂකයන්ට නඩු පැවරීමට කටයුතු කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.මහනුවර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්විය.