Saturday, April 19, 2025
Home » තීන්දුව බල­ර­හිත කර­න්නැයි ඉල්ලන පෙත්සම විභා­ග­යට දින දෙයි
මත්ද්‍රව්‍ය ජාවා­රම් චෝද­නා­වෙන් ධීව­ර­යන් පස් දෙනකු මහා­ධි­ක­ර­ණ­යේදී නිදොස් කොට නිද­හස් කිරීම:

තීන්දුව බල­ර­හිත කර­න්නැයි ඉල්ලන පෙත්සම විභා­ග­යට දින දෙයි

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීමේ චෝද­නා­වෙන් විත්ති­කාර ධීව­ර­යන් පස් දෙනකු නිදොස් කොට නිද­හස් කිරී­මට කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් විසින් දෙන ලද තීන්දු­වක් බල­ර­හිත කරන ලෙස ඉල්ලා නීති­ප­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කරන ලද අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (29) දින නියම කළේය.

ඒ අනුව එම අභි­යා­චන පෙත්සම ලබන අප්‍රේල් මස 02 , 03 සහ 04 යන දින­වල විභා­ග­යට ගැනී­මට නියෝග කෙරිණි. හෙරො­යින් කිලෝ 196.8ක් සමඟ 2019 වසරේ දී උතුරු මුහු­දේදී මෙම ධීව­ර­යන්   අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කිරීම හා ජාවා­රම් කිරීමේ චෝදනා යටතේ මෙම  නඩුව පවරා තිබුණි

එස්. තුරෙ­යි­රාජා, යසන්ත කෝදා­ගොඩ, ශිරාන් ගුණ­රත්න, අචල වෙංග­ප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.

එම අව­ස්ථා­වේදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල එම අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනී­මට දින නියම කළේය.

බහු­දින ධීවර යාත්‍රා­ව­කින් එම මත්කුඩු තොගය රැගෙන එමින් සිටි­යදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට සහ නාවික හමු­දා­වට ලැබුණු බුද්ධි තොර­තුරු මත සැක­ක­රු­වන් පස් දෙනකු ඉකුත් 2019.04.21දින උතුරු මුහුදු සීමා­වේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබුණි.

අන­තු­රුව හෙරො­යින් කිලෝ 196.986ක් සන්ත­කයේ තබා ගැනීම, ගෙන්වීම, ජාවා­රම් කිරීම යන අධි චෝදනා යටතේ මෙම විත්ති­ක­රු­වන් පස් දෙනාට නීති­ප­ති­ව­රයා විසින් 2022 ජූනි මස 24 වැනිදා කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු පව­රන ලදි.

එම නඩුව ආදිත්‍ය පට­බැ­ඳිගේ, මංජුල තිල­ක­රත්න, සහ මහේෂ් වීර­මන් යන ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ විභා­ග­යට ගැනුණි.

එම නඩු විභා­ගය අව­සන් කළ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, එහි තීන්දුව ඉකුත් වසරේ අප්‍රේල් මස 6 වැනිදා ප්‍රකා­ශ­යට පත් කර­මින් මෙම විත්ති­ක­රු­වන් සියලු චෝද­නා­ව­ලින් නිදොස් කොට නිද­හස් කළේය.

නඩු විභා­ග­යේදී ඉදි­රි­පත් වූ සාක්ෂි පර­ස්පර බවට එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

එසේම විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා සාධා­රණ සැක­යෙන් තොරව ඔප්පු කිරී­මට පැමි­ණි­ලි­කාර පාර්ශ්වය අපො­හො­සත් වී ඇති බවට එම නඩු තීන්දුවේ සඳ­හන් විය.

මෙම තීන්දු­වට එරෙ­හිව අභි­යා­ච­න­යක් ගොනු කර­මින් නීති­ප­ති­ව­රයා සඳ­හන් කරන්නේ අදාළ තීන්දුව ලබා දීමේදී ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල විසින් නඩු විභා­ගයේ දී පැමි­ණිල්ල විසින් ඉදි­රි­පත් කළ සාක්ෂි නිසි ලෙස ඇග­යී­මක් සිදු කර නැති බවය.

මෙම විත්ති­ක­රු­වන් පස් දෙනා නිදොස් කොට නිද­හස් කර­මින් ඉකුත් වසරේ අප්‍රේල් මස 6 වැනිදා ප්‍රකාශ කරන ලද ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ නඩු තීන්දුව බල­ර­හිත කරන ලෙස මෙම අභි­යා­චන පෙත්සම මගින් ඉල්ලා ඇත. එසේම එම විත්ති­කාර වග­උ­ත්ත­ර­ක­රු­වන් නැවත රිමාන්ඩ් භාර­යට පත් කරන ලෙස ද නීති­ප­ති­ව­රයා සිය අභි­යා­චන පෙත්සම් මඟින් ඉල්ලා සිටි­යේය.

එම විත්ති­ක­රු­වන් නීති­යට අනුව වර­ද­ක­රු­වන් බවට තීර­ණය කොට ඔවුන්ට අදාළ දඬු­වම් නියම කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත .

මෙම සහන හෝ විකල්ප ලෙස අදාළ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නැවත නඩු විභා­ග­යක් පව­ත්වන ලෙස නියෝ­ග­යක් කරන ලෙස ද නීති­ප­ති­ව­රයා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත. කොළඹ මහා­ධි­ක­රණ නඩුවේ විත්ති­ක­රු­වන් වූ ජය­කොඩි ආර­ච්චිගේ අනුර චමින්ද අප්පු­හාමි, තව­රාසා සුදා­ක­රන්, අග්ලෙස පිල්ලේ තව­රාසා, යක්දෙහි ආර­ච්චිගේ ලසන්ත ප්‍රිය­ලාල් අප්පු­හාමි හෙවත් යක්ඛ ආර­ච්චිගේ ලසන්ත ප්‍රිය­ලාල්, කන්ද­යියා චන්ද්‍ර­කු­මාර යන අය මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT