දෙහිඕවිට ප්රදේශයේ පදිංචි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා ඊයේ (29) නියෝග කළේය.
සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට තරම් ප්රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසට නියෝග කළේය.
නදුන් චින්තකය ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ පැමිණිල්ලේ ලඝුනොවන නඩු විභාගයේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා එසේ නියෝග කළේය.
සිද්ධියට අදාළව නදුන් චින්තක යන තම සේවාදායකයා හට නඟා ඇති චෝදනාවන්හට කිසිදු සාක්ෂියක් මේවන තෙක් තහවුරු කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට නොහැකි වූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී 2016 මාර්තු මස 05 වැනි දින කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර මිනිස් ඝාතනයක් කිරීමට තැත් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. මෙම සිද්ධියට අදාළව කරුණු සළකා බැලීම ඊයේ දින සුම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට මහේස්ත්රාත්වරයා පසුගිය නඩු දිනයේදී නියෝග කර තිබුණි.
පැමිණිල්ලේ සැකකරුවන් ලෙස හරක් කටා නොහොත් නදුන් චින්තක. සමඟ ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර සිටියහ.