මහේස්ත්‍රාත්වරියගෙන් සැකකරුවන්ට දැඩි අවවාද
පුද්ගලයකුට අතින් පයින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු හට තරයේ අවවාද කොට ඇප ලබා දීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
මරදාන ප්‍රදේශයේ පදිංචි සුජිත් ප්‍රසන්න හා උඩු කුඹුල්වෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.එම් වසන්ත යන සැකකරුවන් දෙදෙනා මෙලෙස ඇප මත මුදා හැරියේය.
මෙම නඩුවේ පැමිණිලිකාරියගේ නැන්දනිය රෝහලේ වාට්ටුව වෙත රැගෙන යෑමට ඇයගේ සැමියා විසින් රෝදපුටුවක් දෙන ලෙස රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයන් දෙදෙනාට පවසා ඇති බවත් ඔවුන් දෙදෙනා ඒ පිළිබඳ කිසිඳු තැකීමක් නොකොට ජංගම දුරකතනය භාවිත කරමින් සිට ඇති බවත් පො.කො. එරන්ද නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.
පසුව පැමිණිලිකාරියගේ සැමියා වෙත කාමරයක් පෙන්නවා ඒ තුළට ගොස් රෝද පුටුවක් ලබා ගන්න ලෙසට පසුව ඔවුන් පවසා ඇති බවත් මොවුන්ගේ මෙම ක්‍රියා කලාපය සැමියා ජංගම දුරකතනයකින් පටිගත කර ඇති බවටත් මරදාන පොලීසිය අධිකරණයේ කරුණු වාර්තා කළේය.
මරදාන පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා සිටියේ එම රූගත කිරීම දැක මෙම සැකකරුවන් දෙදෙනා සැමියා සමඟ බහින්බස් වී පහර දී ඇති බවටත් ය.
මෙම සිදු වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය විසින් දැඩි ලෙස අවවාද කරමින් පවසා සිටියේ රෝහල වෙත පැමිණෙන රෝගීන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් රෝගීන්ගේ හෝ රෝහලට පැමිණෙන අයගේ විනය නිවැරදි කිරීම සේවකයන්ගේ රාජකාරිය නොවන බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරියේය.